දේශීය පුවත්

රට දැය වෙනුවෙන් දිවි පරදුවට තබා ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්න රණවිරුවන්ව පාවා නොදෙන්නා සේම ජාත්‍යන්තරයට අවශ්‍ය නම් රණවිරුවන් වෙනුවෙන් තමා විදුලි පුටුවට වුව යන්න ලැහැස්ති බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

කුරුණෑගල, වාරියපොළදී පැවැති ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

රණවිරුවන් අපි පාවලා දෙන්නේ නැහැ. මේ රණවිරුවන්ව අපි විදුලි පුටුවට යවන්නේ නැහැ. ජාත්‍යන්තරයට අවශ්‍ය නම් මේ සජිත් පේ‍්‍රමදාස එතනට යන්න ලැහැස්තියි. විපක්ෂයේ අය වගකීම භාරගන්න බය වෙලා. ඒක නායකත්වයක ලක්ෂණ නොවෙයි. මේ රටට අවශ්‍ය යකඩ නායකත්වයක්, අයෝමය නායකත්වයක්. ඒ යකඩ නායකත්වය, ඒ අයෝමය නායකත්වය සජිත් පේ‍්‍රමදාස දෙන්න ලැහැස්තියි. ධාරානිපාත වර්ෂාව මැද්දේ මේ රැඳී සිටින්නේ රට රැක්ක රට ආරක්ෂා කළ මුතුන් මිත්තන්ගෙන් පැවත එන පිරිසක්. ඒ පිරිස කිසි දවසක රට පාවා දෙන්නේ නැහැ යැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.



One thought on “අපි රණවිරුවන් පාවලා දෙන්නේනෑ… ඔවුන් වෙනුවෙන් විදුලි පුටුවට යන්න මම ලෑස්තියි – සජිත්”

  1. “…ජාත්‍යන්තරයට අවශ්‍ය නම් රණවිරුවන් වෙනුවෙන් තමා විදුලි පුටුවට වුව යන්න ලැහැස්ති බව…”
    එච්චර දෙයක් ඕන නැහැ.
    අර ආබාධිත රණවිරුවෙකුට වටකරගෙන පහර දුන්න ” වීරයොන්ගේ ” මුණූ ටික පුලුවන්නම් මාධ්‍ය වලින් පෙන්නලා ඔවුන් ජීවිතාන්තය දක්වා හිරගෙට දාලා පෙන්වන්න. ඔබතුමාලගේ ආණ්ඩුවනේ දැන් තියෙන්නේ. ඉතින් “හරි දෙයක්” කරන්න, “රණවිරුවන් අගයන බව පෙන්නන්න” ජනාධිපති වෙනකම් ඉන්න ඕන නැහැනේ.

    මේ ” වීරයන්ට “, එතකොට අර අන්තවාදීන් කියල සැක කරපු අයට උසාවි වලින් ඇප ලැබෙනවා. ඒත් ලංකාවෙ නාවිකයන්ගේ දක්ෂතාව ලෝකෙටම පෙන්නලා, සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්‍ෂා කරන සේවයක් ලෝකයේ පළමුවරට පටන්ගත්ත, එමගින් රටට විදේශ විනිමය ගෙනා සැබෑ වීරයෙක්‌ ලංකාවට අඩිය තිබ්බ සැනෙන් ඇපත් නැතිව හිර කුඩුවේ! ඇවන්ගාඩ් සභාපති රටට විදේශ විනිමය “අහිමි කලා ” කියල හිරේ. නමුත් රටේ විශාලම බැංකු මංකොල්ලය කරපු අය, ඒවාට උල්පන්දම් දීපු අය නිදැල්ලේ!

    චී චී කැතයි සජිත්. කැතම කැතයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More