දේශීය පුවත්

පරිසරය ආරක්ෂා කිරීම සඳහා ජනතාව තුළ නව්‍ය සංස්කෘතියක් ඇති කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රටම සොබා දහමක් කරන අපේක්ෂාව පරිසර ප්‍රතිපත්තිය එළි දැක්වීම ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය උඩවලව කොට්ටවත්ත විලේජ් උත්සව ශාලාවේදී පැවැත්විණි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“ජනතාව තුල පරිසරයට ලෙන්ගතු පරිසරයක් එක්ක සම්බන්ධ වුණ එය ආරක්ෂා කිරීම තමන්ගේ වගකීමක් ලෙස නිමවුන හෘද සාක්ෂියක් නිර්මාණය කරන්නට බැහැ මේ පාලකයන් තියාගෙන.

අපිට අධ්‍යනය කරන්න පුලුවන්, කරුණු කියන්න පුලුවන්, නීති සම්පාදනය කරන්න පුලුවන් පනත් හදල දෙන්න පුලුවන්. හැබැයි මේ නායකයන් එක්ක මේක කරන්න බැහැ.

ඒක නිසා පළමු කොටම අපේ රටේ පාලනයක් ඕන පරිසරය ආරක්ෂා කිරීම පිළිබදවත්, ඒකට තිබෙන බැඳීමත් ආරක්ෂා කරන පාලනයක් ඕන.

අපි පොරොන්දු වෙනවා එවැනි ආදර්ශමත් පාලනයක් මේ රටේ බිහිකරන බවට.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා නව්‍ය සංස්කෘතියක් අපේ ජනතාව තුල ඇති කළ යුතුයි.”

මෙම අවස්ථාව සඳහා පරිසර හා සම්බන්ධ විද්වතුන් රැසක් සහභාගී වී සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More