දේශීය පුවත්

මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසක් වුවද එහි සභාපති රාජ්‍ය නිලධාරියකු වුවද ඔහු ජනාධිපතිවරණය සම්බන්ධව ක්‍රියාකරන ආකාරය ගැන බලවත් ගැටලුවක් මතුව ඇති බව නීතිඥ රාජා ගුණරත්න පවසයි. හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (17) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජා ගුණරත්න මහතා සේද පැවැසීය.

‘මැතිවරණ කොමිසමේ සභාපති කියනවා ‘යුද්ධය’ මැතිවරණයට ​යොදාගැනීම තහනම් කියලා. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාගැනීමේ පනතේ සඳහන් වෙනවා ජනාධිපතිවරයකු තෝරාගැනීමේදී සිදුනොකළ යුතු වැරදි පිළිබඳව. ඒ වැරදිවලට හැර වෙන කිසිම වැරැද්දක් ගැන කියන්න කොමිසමට බලයක් නෑ. මේ පනතේ 118 වගන්තිය කියනවා මේ සඳහන් වැරදි හැර වෙනත් වැරදි නම් කිරීමට කොමිසමට අවශ්‍ය නම් ඒ සඳහා ගැසට් පත්‍රිකාවක් නිකුත් කළ යුතු බව. මම මැතිවරණ සභාපතිවරයාගෙන් අහනවා ‘යුද්ධය’ ගැන කතා නොකළ යුතුයි කියලා. මොන ගැසට් නිවේදනයේද තියෙන්නේ. අනෙක තමයි යුද්ධය කියන වචනය පාවිච්චි කරන්න පුළුවන් රටවල් දෙකක් අතර පවතින ආයුධ ගැටුමට. රට ඇතුළේ තියෙන ගැටුමට කියන්නේ අභ්‍යන්තර ආයුධ ගැටුම කියලා. ඒක යුද්ධයක් නෙවෙයි. ඒ නිසා මැතිවරණ කොමසාරිස්වරයාගේ වචන නීත්‍යනුකූල විය යුතුයි. වගකීමෙන් යුක්ත විය යුතුයි.

ජාත්‍යන්තරය ගත්තොත් ඇමෙරිකාව යුද්ධ කළා. ඔබාමා, බුෂ් ජනාධිපතිවරණයේදී ඉරාකය සමග යුද්ධ කළ ආකාරය ප්‍රසිද්ධියේ කතා කළා. මේවා තමයි කතා කළ යුත්තේ. එක්සත් ජාතික පක්ෂයට අනුව පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී ඇමෙරිකාව යුද්ධය ගැන කතා කරන්න එපා කිව්වේ නැහැ.

මේ මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රමුඛ කොමිසම පිල් විදහාගත් මොනරෙක්. අනෙක් පැත්තෙන් හෙළුව පේනවා.



One thought on “මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රමුඛ කොමිසම පිල් විදහාගත්ත මොනරෙක්… අනෙක් පැත්තෙන් හෙළුව පේනවා (Video)”

  1. සම්පුර්ණ ඇත්ත. මේ මැතිවරණ කොමසාරිස් යම් බලවේග වල ඉත්තෙක් බව හොදටම පැහැදිලියි. මැතිවරණයේදී ජාතික ධජය තහනම් වුනේ මොන “ප්‍රජාතන්ත්‍රවාදී” රටේද? එහෙනම් අපි දැන් ඔසවන්න ඕන ඇමරිකාවේ හරි ඉන්දියාවේ හරි කොඩියද?
    මෙයා තව ඉදිරියට තව මොනවා නම් කියයිද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More