දේශීය පුවත්

ජනාධිපතිවරණය සඳහා උතුරේ ඡන්ද ලබා ගැනීම සම්බන්ධව විපක්ෂයත් දුර්මතවල එල්බගෙන සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ඊයේ (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

උතුරේ ඡන්ද නැත්නම් ජනාධිපතිකම නෑ කියලා හිතන පිරිසක් විපක්ෂය තුළ සිටින බවත් නමුත් අද දෙමළ ජාතික සන්ධානයට උතුරේ ඡන්ද පදනමක් නොමැති බව ඔවුන් පිළිනොගන්නා බවත් අමරසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

දෙමළ ජාතික සන්ධානය විසින් මෙලෙස යෝජනාවලියක් ඉදිරිපත් කරන්නේ බලය නැතිවීම ගැන වියරු වැටී සිටීම හේතුවෙන් බවද අමරසේකර මහතා අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මෙසේද පැවසීය.

‘බලයට ආවම අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියල සජිත් කියනවා. ඒ විජාතික බලවේගවලට යටත් වූ උතුරේ දේශපාලනඥයන්ට ෆෙඩරල් රාජ්‍ය සෑදීමට අවශ්‍ය බලය ව්‍යවස්ථාවෙන්ම ලබාදීම සඳහා. විජාතික බලවේගවලට අවශ්‍ය වන්නේ බෙදුණු රටක් සහ ඒ බෙදුණු රට තුළ ඔවුන්ගේ ආධිපත්‍යය පිළිගන්න නායකයෙක්. ඒ සඳහා විවිධ ගිවිසුම් ගහලා කුමන්ත්‍රණ කළා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවීමත් ඒ කුමන්ත්‍රණයේම ප්‍රතිඵලයක්.

මේ වගේ යෝජනාවලියක් ඉදිරිපත් කිරීම පිළිබඳ ලැජ්ජාවිය යුතුව තිබියදී රනිල් රාජිත, මංගල ප්‍රමුඛ පිරිස උතුරට යනවලු ඒ ගැන සාකච්ඡා කරන්න. මට පුදුමයි මහින්දත් ඒ ගැන සාකච්ඡා කරන්න ඕන කියපු එක ගැන.

උතුරේ ජනතාව තේරුම් අරගෙන ඉන්නෙ වෙල්ලාලයන් ඔවුන්ට සලකන්නේ නෑ කියන එක. ඒ වගේම සැබෑ මුස්ලිම් ජාතිකයන් හිස්බුල්ලා, හකීම් සහ රිෂාඩ් වැනි සහරාන්ලගේ පිටේ බෝම්බ බැන්ද අයගෙන් ඈත්වෙලා ඉන්නෙ. ඒ වගේම ඇමෙරිකාව ප්‍රමුඛ විජාතික බලවේග සනසන්න ඕන කියලා හිතනවා. අපි මොනදේ කළත් මේ බලවේග ඔවුන්ගේ ස්ථාවරය වෙනස් කරලා නෑ. අපේක්ෂකයෝ මොන තීරණ ගත්තත් ජනතාවගේ තීරණය මෙතනදී බුද්ධිමත් විය යුතුයි.’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More