ව්‍යාපාරික පුවත්

ප්‍රාග්ධන වියදම් සඳහා මෙම වසරට 2019 වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් තවත් සියයට දහයක් කපා හැරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇතිවූ වූ අයහපත් ආර්ථික තත්ත්වය මත අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට ​නොහැකි වීම සහ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහනේ ඇති සීමාවන් සැලකිල්ලට ගනිමිනි.

මහා භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මේ පිළිබඳව සඳහන් කරමින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කර ඇත.

රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම යටතේ 2019 වර්ෂය සඳහා අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රාග්ධන වියදම්වලින් සියයට පහළොවක් ජූලි මාසයේදී කපා හැරීමට මුදල් අමාත්‍යාංශය පියර ගත්තේය. සැප්තැම්බර් මාසයේ සිට තවත් සියයට දහයක් කපා හැරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ප්‍රමුඛ නොවන ව්‍යාපෘති, මෙතෙක් ආරම්භ කර නොමැති අයවැය යෝජනාවල ඇතුළත් ව්‍යාපෘති, අත්‍යවශ්‍ය නොවන ගෘහ භාණ්ඩ, කාර්යාලීය උපකරණ ආදී අයිතමයන් මිලදී ගැනීම ලබන වර්ෂය තෙක් කල් දමන ලෙසද මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශවලට දැනුම් දී ඇත.

අමාත්‍යාංශවලට වාහන මිලදී ගැනීමද නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට පියවර ගන්නා ලෙසද මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ. ප්‍රසම්පාදනය සඳහා එකඟතාව ලද එහෙත් ගිවිසුම්ගතව නොමැති ප්‍රසම්පාදන කටයුතු ලබන වසර තෙක් අත්හිටුවීමටද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More