දේශීය පුවත්

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සකස් කළ කරුණු 13 කින් යුත් යෝජනාවලිය සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමග ලබන සතියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යාපනයේදී දෙමළ ජාතික සන්ධානයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

යාපනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙරේදා (16 වැනිදා) යාපනයේ සංචාරක හෝටලයකදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත් වූ​යේය. එම්. සුමන්තිරන් සහ මාවෙයි සේනාධිරාජා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාකච්ඡාවට එක්ව සිටියහ.

සාකච්ඡාවේදී උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විසින් සකස් කළ යෝජනාවලිය පිළිබඳ දීර්ඝ ලෙස අවධානය යොමුකර තිබේ. ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් සමගද අග්‍රාමාත්‍යවරයා පෙරේදා (16 වැනිදා) රාත්‍රියේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ඒකාබද්ධව සකස් කළ කරුණු 13 කින් යුත් යෝජනාවලිය පිළිබඳ දේශපාලන පක්ෂ සමග වෙන වෙනම සාකච්ඡා කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා යෝජනා කර ඇත.

එහෙත් ඊයේ (17 වැනිදා) උදෑසන ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. යෝජනාවලිය සකස් කළ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහ සමග එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමග කොළඹ දී සාකච්ඡා කළ යුතු බව තමන් යෝජනා කළේ යැයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි. සාකච්ඡාව සූදානම් කරන බව අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව ඔහු ප්‍රකාශ කළේ ය.

කොළඹදී පැවැත්වෙන සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, රවි කරුණානායක යන අය සාකච්ඡාවට අනිවාර්යයෙන් සිටිය යුතු බවද දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍යවරයාට යෝජනා කර ඇත.



One thought on “යාපනයේදී රනිල්ගෙන් දෙමළ සන්ධානයට ප්‍රතිඥාවක්”

  1. මේ නිජබිම කතාවට හොදම උත්තරයක් ලගදී හාමුදුරු නමක් දුන්නා. “මුළු ලංකාවම නිජබිම ලෙස කියන්න , ඒක අපි පිළිගන්නවා” කියලා. ඇත්ත තමයි. උතුරු නැගෙනහිර විතරද දමිළ ජනතාව උපදින්නේ? ඒවගේම තවත් හාමුදුරු නමක් කිවුවා “උතුරේ බවුද්දාගමික පන්සල් අයින් කරනවා නම් දකුණේ කෝවිල් අයින් කරන්න ඕනද? ” කියලා.
    දමිළ ජනතාවට බොරු පොරොන්දු දීල ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට කිසි දෙයක් නොකර ඔවුන්ගේ කරපිටින් පාර්ලිමේන්තුවට ගොස් සුඛ විහරණයෙන් වැජබෙන, විදේශීය බලවේග වල ඩොලර වලට වහ වැටී සිටින මේ “බොරු” නායකයින් ගෙදර යැවීමටත් , ඔවුන්ට තමන්ගේ සැබෑ උවමනාවන් ගැන හොද දැනුම් දීමක් කිරීමටත් උතුරු නැගෙනහිර දමිළ ජනතාව මෙවර ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ පාවිච්චි කල යුතුයි.

    ජාතිවාදය, අන්තවාදී ආගම්වාදය අවුස්සා රටවල් කෑලි කඩා අස්ථාවර කර ඒවායේ සම්පත් කොල්ල කන බටහිර බලවේග වල සැබෑ නිරුවත ඉරාකයෙන් ප්‍රකට වෙනවා. මේවා ගැන අප රටේ දමිළ , මුස්ලිම් ජනතාවට පැහැදිලි කරදීම නිදහස් ලෙස සිතන දමිළ මාධ්‍ය වල වගකීමක්. ඇමෙරිකාව සදාම් හුසේන්ට විරුද්දව කුර්දිවරුන් මෙහෙයවුවත් දැන් කුර්දිවරුන් තනිවෙලා, තුර්කියත් සමග යුද්දෙක පැටලවිල. ඉරාකයේ විදේශ ගැති ආණ්ඩුවට විරුද්දව එරට ජනතාව පෙළගැහිලා. ඒත් දැන් නුවණ පහලවෙලා වැඩක් නෑ. ඒ ඉතිහාසගත ඉරාකය දැන් නෑ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More