දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කළු සල්ලි සුදු කලායැයි කියන දිලිත් ජයවීර මහතාගේ පච පැක්ටරියෙන් සුපුරුදු පරිදි ජනතාව නොමග යවමින් අසත්‍ය ප්‍රකාශ කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

TNA සමග එකඟවූ කරුණු නොවැම්බර් 1 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් එලි දක්වන බව හෙතෙම පැවසීය.

පරාජය හමුවේ වියරු වැටී ඇති දිලිත් ජයවීරගේ පච පත්තරය වගේම දෙරණ රුපවාහිනී නාලිකාව බැලීමෙන් වලකින ලෙසත් මංගල සමරවීර විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (16) සඳහන් කර සිටියේය.

දෙමළ ජාතික සන්ධානය සමඟ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවබෝධතාවවකට පැමිණි බව මුදල් ඇමති මංගල සමරවීර මහතා මෙහිදී හෙළි කළේය.

නොවැම්බර් 01 වැනිදා එලි දක්වන මැතිවරණ ප්‍රකාශනයෙහි පැහැදිලිව සඳහන් කරන බව පැවසූ ඔහු දෙමළ ජාතික සන්ධානය ඉල්ලීම් 13 මූලික කොන්දේසා පනවා ඇති බවට පළ වන වාර්තා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එස්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ තමන්ගේ ඒකීය රාජ්‍ය සංකල්පය තවදුරටත් පිළිනොගන්නා බවය. එමෙන්ම දෙමල සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක් පෙරේදා දින රැස්වී සිය අවසන් කොන්දේසි සකස් කර ගන්නා ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More