දේශීය පුවත්

මෙවර ජනාධිපතිවරණයට විකල්ප අපේක්‍ෂකයෙකු ලෙස බොදුබල සේනා සංවිධානය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කරන්නේ නම් රුපියල් කෝටි 75 ක් ලබාදිය හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු යෝජනා කර ඇති බව වාර්තාවේ.

අදාළ අමාත්‍යවරයාගේ සමීපතමයෙකු ඉකුත් 03 වෙනිදා ඥාණසාර හිමි හමුවී මෙම යෝජනාව කර ඇති බවයි වාර්තා වුණේ. මැතිවරණයට ඉදිරිපත් වී ඥානසාර හිමි ලක්ෂ 5ක පමණ ඡන්ද ප‍්‍රමාණයක් ලබාගන්නේ නම් එජාප අපේක්ෂකයා ජයග‍්‍රහණය කරන බවත් ඊට පසුව තවත් සැලකිය යුතු මුදලක් ලබාදිය හැකි බවත් එම පුද්ගලයා විසින් ඥානසාර හිමිට පවසා තිබේ.

කෙසේවෙතත් එම යෝජනාව ඥානසාර හිමි විසින් එකහෙලා ප‍්‍රතික්ෂේප කර ඇති අතර අදාළ කෝටි 75ක මුදල කෝටි 100 දක්වා වැඩිකර ලබාදිය හැකි බව ඔහු පවසා ඇති බව වාර්තා වුණි.

එම කිසිදු යෝජනාවකට ඥානසාර හිමි එකඟ නොවූ බවත් උන්වහන්සේ එම පුද්ගලයාට බැණ වැදී ඇති බවත් වැඩිදුරටත් වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More