දේශීය පුවත්

රට බෙදන, නැවත යුද්ධයකට අතවනන, සාමයට වින කටින දෙමළ සන්ධානවල යෝජනා අතට ගන්නේ, සලකා බලනවාය කියා සාකච්ඡා කරන්නේ මොන පක්‍ෂය ද?, මොන ජනපති අපේක්‍ෂකයාද කියන එක සාමකාමි සිංහල, දෙමළ, මුස්ලිම් රටවැසියා බලා සිටින බව ජාතික හෙළ උරුමයේ හිටපු නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (16) පැවසීය.

ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ,

මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන අලූත්ම තත්ත්වය ගැන මම අද ජනාධිපතිතුමාට ලිපියක් යොමුකළා. ගුරුකන්ද විහාරස්ථානයේ ආරක්‍ෂාවට සීසීටීවි කැමරා සවිකරන්න කටයුතු කළත් පොලීසිය ඊට ඉඩදීලා නෑ. ගුරුකන්ද විහාරස්ථානය කියන්නේ ස්වාමීන් වහන්සේලා ස්ථිරව වැඩ වසන ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක්.

නේවාසිකව සිටින තැනක පුද්ගලික ආරක්‍ෂාව වෙනුවෙන් සීසීටීවි කැමරා පද්ධතියක් සකස් කිරිම අද ලෝකයම පිළිගත් ප‍්‍රචලිත ආරක්‍ෂක ක‍්‍රියාදාමයක්. මේ අයිතිය ගුරුකන්ද විහාරස්ථානයට නැත්තේ ඇයි. ත‍්‍රස්තවාදීන්ගේ අඩම්තේට්ටම්, බලපෑම්, ප‍්‍රහාර නිරන්තරයෙන් එල්ලවෙන නිසා ගුරුකන්ද විහාරස්ථානයට සීසීටිවී කැමරා පද්ධතියක් සවිකිරිමට විහාරාධිපති හිමියන් තීරණය කිරීම වරදක් නෙවෙයි. එය අත්‍යාවශ්‍ය දෙයක්.

විහාරස්ථානය භාරව ක‍්‍රියා කරන කැලූම් බණ්ඩාර කියන කෙනාට පොලීසිය ඒ සඳහා ඉඩ නොදුන් බවයි වාර්තා වුණේ. මෙයින් පෙන්නේ ගුරුකන්ද විහාරාධිපති උන්නාන්සේට මරණ වරෙන්තුවද මේ දෙන්න හදන්නේ. ත‍්‍රස්තවාදීන්ගේ, අන්තවාදීන්ගේ අයිතිය වෙනුවෙන් ද පොලීසිය මේ ක‍්‍රියාත්මක වෙන්නේ. මේකට ඉඩ නොදීමෙන් විහාරාධිපති හිමියන් ත‍්‍රස්තවාදීන්ගේ, අන්තවාදීන්ගේ සහ මිනීමරුවන්ගේ ගොදුරක් බවට පත් කරන්නට ද මේ හදන්නේ. පොලීසිය අන්තවාදීන්ගේ මතයට අනුව ක‍්‍රියාකරන බව අපට පැහැදිලියි.

අපි දැක්කා ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ අපවත්වීමෙන් පසු ආදාහන කටයුතු සඳහා තහංචියක් ගත්තේ මහත‍්‍රස්තවාදීන්ගේ මතය ඉටු කරන්න පොලීසිය ක‍්‍රියා කරනවා. මේ රටේ ඉපදී, මේ රට නිජ භූමිය කරගෙන මේ රටේ වැළලෙන අපේ ආරක්‍ෂාව කෝ?

මේ දවස්වල මන්ත‍්‍රීවරයාගේ පටන් අනාගත බලය තහවුරු කරගන්න මහා කෝලාහලයක පැටලිලා. ඒ අයට තමන්ගේ රාජකාරී අමතක වෙලා. අමාත්‍යාංශවල වැඩ කටයුතු ගිලිහිලා ගිහිල්ලා. ඒ සියලූ දෙනා දැන් දුවන්නේ බලය ලබාගැනීමේ පොර පිටියේ.

දැන් අපි මේක කියන්නේ කාටද? ජනාධිපති අපේක්‍ෂකයන් මේ සම්බන්ධයෙන් සෘජුව යමක් කියන්නෙත් නෑ. මෙතෙන්දි අපේ වැඩි අවධානය යොමුවෙන්නේ ජනාධිපතිතුමන්ටයි. එතුමා සේනාධිනායකයා, රටේ පාලකයා. දිගින් දිගටම එල්ලවන මේ තත්ත්වය නිරාකරණය කරන්න එතුමාට අයිතියක් තියනවා. ගුරුකන්ද විහාරස්ථානයේ පැවැත්මට බාධාවන ක‍්‍රියා නවත්වන්න ජනාධිපතිවරයා කිසිදු ක‍්‍රියා මාර්ගයක් මෙතෙක් කර නැතැයි කියන එක තමයි කනගාටුවෙන් වුවත් අපට කියන්න තියෙන්නේ.

මේ ගුරුකන්ද විහාරස්ථානය, එහි වැඩවසන හිමිවරු ආරක්‍ෂා කිරිමට විධායක බලය යොදලා ක‍්‍රියා කරන්න කියලා ඉල්ලා මම ජනාධිපතිතුමාට ලිපියක් යැව්වා. ඉන් කියන්නේ පන්සලක් රකිනවා කියන එක නෙවෙයි. රටේ යුක්තිය, ආරක්‍ෂාව, තහවුරු කිරීමයි. මේ කාලය තුළ ජනාධිපතිතුමා තම නිලයේ කටයුතු කරන්නේ නැද්ද කියලා සැකයක් අපිට පහළ වෙනවා.

ඒ නිසා අපි ප‍්‍රශ්න කරනවා ජනාධිපතිවරයා ඒ නිලයෙන් ඉවත් වෙලාද? ඒ නිලයේ කටයුතු කරන්නේ නැද්ද, අක‍්‍රීය වෙලාද? එවන් නිලයක් රටේ නැද්ද? කියලා. ගුරුකන්ද විහාරස්ථානය මුල්කරගෙන ක‍්‍රියාත්මක වෙන මේ ත‍්‍රස්තවාදී අන්තවාදය මැඩ පවත්වන්නට බලය තියෙන්නේ සේනාවිධායකවු ජනාධිපතිතුමාට.

ආරක්‍ෂක අංශ යොදවලා ගුරුකන්ද විහාරස්ථානය රකින්න කටයුතු නොකිරීමෙන් අපට පෙනෙන්නේ රටේ මහා අරාජික බවක්. මුළු රටේම ආරක්‍ෂාව නැතිවුණ තත්ත්වයකට පත්වෙලා. මේක අතිශයින්ම කනගාටුදායක දර්ශනයක් හැටියටයි අපට පෙනෙන්නේ.

මේ වාතාවරණය යටතේ පසුගිය පාස්කු ඉරිදා සිදුවුණා වගේ දේවල් යළි සිදුවෙයි කියලා සැක කරන්නයි අපට වෙන්නේ. මන්ද යත් පොලීසිය ක‍්‍රියා කරන්නේත් ත‍්‍රස්තවාදීන්ගේ උවමනා ඉටුකරන්න නම්, ආරක්‍ෂක අංශත් ඒ ගැන තකන්නේ නැත්නම් සාමාන්‍ය ජනතාව වු අපට කාගේ පිළිසරණක් ද?

ගුරුකන්ද විහාරස්ථානය මේ රටේ උරුමක්කාරයන්ගේ ආරක්‍ෂාව හිමිවිය යුතු ස්ථානයක්. ඒ නිසා අපි සේනාවිධායක වූ ජනපතිට කියනවා ගුරුකන්ද විහරස්ථානය සම්බන්ධයෙන් පොලීසිය අනුගමනය කරන මේ අත්තනෝමතික ක‍්‍රියාදාමයට එරෙහිව වහාම පියවර ගන්න. ආරක්‍ෂාව සම්බන්ධයෙන් රටවැසියා තුළ තියන සැකය දුරුකරන්න කියලා අපි රටේ විධායකයා වූ ජනපතිගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

දෙමළ සාමාන්‍ය ජනතාව නෙවෙයි දෙමළ දේශපාලන නායකත්වය ඉන්නේ මේ රට දෙකඩ කරන න්‍යාය පත‍්‍රයක් ඉදිරිපත් කරන්නේ. මහවැලි ජනපදවල පදිංචිකිරීම් නවත්වන්න. ඒකීයබව ඉවත් කරන්න, ස්වයං පාලනයක් දෙමළ ජනතාවට දෙන්න ආදි වශයෙන් වූ ඉල්ලීම් ප‍්‍රධාන ජනපති අපෙක්‍ෂකයන්ට දෙමළ දේශපාලනඥයින් මේවන විට යොමුකර ඇති බව පේනවා.

හොඳයි අපි බලාගෙන ඉන්නේ මොන අපේක්‍ෂකයාද මේ ඉල්ලීම් භාර ගන්නේ කියලා. මම නම් හිතන්නේ නෑ මේ රටේ ව්‍යවස්ථාව ගරු කරන කිසිම අපේක්‍ෂකයෙක් මේ ත‍්‍රස්තවාදී, අන්තවාදී, බෙදුම්වාදී ඉල්ලීම් ඉටු කරන්න යයි කියලා. ද්‍රවිඩ සන්ධානවල මේ ඉල්ලීම් මාලාව අතට ගන්නවත් කිසිඳු අපේක්‍ෂකයෙකුට අයිතියක් නෑ. එහෙම ගන්නවානම් එයත් ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙනවාය කියන එකයි රටේ ජනතාව තේරුම ගන්න ඕනෑ. මේ ඉල්ලිම් සම්බන්‍ධයෙන් තාවකාලිකව හෝ සාකච්ඡා කරන්න එකට වාඩි වෙන්න මේ අපේක්‍ෂකයන්ට කිසිඳු අයිතියක් නෑ.

මේ රටේ සිහංල, දෙමළ මුස්ලිම් සාමකාමී ජනතාව ඒ බව දැඩිව අවධාරණය කරනවා. සාමකාමී ජනතාව ඉතාම පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන යෝජනාවලියක්. මේ රට යළිත් යුද්ධයක් ඇතිකරන, භිෂණයක් ඇතිකරන යෝජනාවලියක් තමයි මේ ද්‍රවිඩ සන්ධාන එකතුවෙලා ඉදිරිපත් කරන්නේ. ඒ නිසා සමස්ත ජනතාවගේ සමඟිය, සංවර්ධනය යහපැවැත්ම රටේ අභිවෘද්ධිය සලකන කිසිඳු දේශපාලන පක්‍ෂයකට හෝ නායකයෙකුට හෝ අපේක්‍ෂකයෙකුට මේ යෝජනාවලිය ගැන සලකා බලන්නවත් ඉඩක් ඇත්තේ නැහැ.

කවුද මේ යෝජනාවලිය අතට ගන්නේ. කවුද මේ යෝජනවලිය සලකා බලන්නේ කියන එක මධ්‍යස්ථ ජනතාව බලාගෙන ඉන්නවා. යැයි ද සෝභිත හිමියෝ පැවසුහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More