දේශීය පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෙයරත්නම් ශ‍්‍රී රංගා, වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී අමරසිරි කුමාර සේනාරත්න, වව්නියාව හිටපු පොලිස් අධිකාරි හරිස්චන්ද්‍ර බණ්ඩාර හා සෙට්ටිකුලම හිටපු පොලිස් ස්ථානාධිපති සුගත් රොෂාන් සංජීව ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන ප‍්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය භාර අධ්‍යක්‍ෂවරයාට ඊයේ (16) නියෝග කළේය.

2011 මාර්තු 30 වැනිදා අපරික්‍ෂාකාරී ලෙස රිය පදවා පොලිස් නිලධාරියකු මරණයට පත්කිරීම හා ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම, අනතුර සම්බන්ධයෙන් අසත්‍ය ඞී වාර්තාවක් සකස් කිරීමට උපදෙස් ලබාදීම හා අනතුර ඇසින් දුටු පොලිස් නිලධාරියකුට තර්ජනය කර බොරු සාක්‍ෂි ලබාදීමට පෙළඹවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් එම හයදෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප‍්‍රමාණවත් සාක්‍ෂි ඇති බවට නිගමනය කළ නීතිපතිවරයා එම නියෝගය සිදු කොට ඇත.

කිසිදු සොයා බැලීමකින් තොරව ශ‍්‍රී රංගා මහතා ඇතුළු පිරිසගේ ප‍්‍රකාශ සටහන් කළ එවකට සෙට්ටිකුලම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් අජිත් ප‍්‍රියදර්ශන හා අනතුර සිදුවූ වාහනය තමා පැදවූ බවට මුල් අවස්ථාවේදී පොලිසියට ප‍්‍රකාශයක් කළ රියැදුරකු වන වල්පොල ගමරාලලාගේ පද්මපාල නමැති දෙදෙනාද එකී හයදෙනා අතර වෙති.

ජේ. ශ‍්‍රී රංගා මහතා පැදවූ ලියාපදිංචි නොකළ කාර් රථය 2011.3.30 වැනිදා පස්වරු 5.00 ට පමණ වව්නියාව සෙට්ටිකුලම රෝහල ආසන්නයේ පිහිටි ගසක හැපී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ ඔහුගේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි එම රථයේ වම්පස අසුනේ ගමන් කළ පොලිස් සැරයන් (36759) පුෂ්පකුමාර මහතා මියගොස් තිබිණි.

එකී රථය පදවනු ලැබුවේ මියගිය පොලිස් නිලධාරියා බවට ප‍්‍රකාශ සටහන් කොට අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එවකට වව්නියාව කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සෙට්ටිකුලම පොලිසියට උපදෙස් ලබාදී ඇති බවත් එකී උපදෙස් අනුව සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුගත් රොෂාන් සංජීව නමැති නිලධාරියා ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

එම අනතුර සිදුවන අවස්ථාවේදී ඒ ආසන්නයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකුට ජේ. ශ‍්‍රී රංගා මහතා රිය පැදවූ බවට කිසිවකුට නොපවසන ලෙසට වව්නියාව පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ හරිස්චන්ද්‍ර බණ්ඩාර නමැත්තා තර්ජනය කර ඇති බවට ද විමර්ශනයේදී අනාවරණය කරගැනීමට සමත්වී තිබිණි.

තමන් එම රථය පැදචූ බවට පද්මපාල නමැති රියැදුරු ප‍්‍රථමයෙන් ප‍්‍රකාශ ලබාදී තිබූ අතර අනතුරට ලක්වූ පොලිස් සැරයන්වරයා මියගිය බව දැනගත් පසු තමා එලෙස ප‍්‍රකාශ කළේ ඉදිරිපත් වු බලපෑම් නිසා බවට ඔහු පොලිසියට ප‍්‍රකාශ ලබාදී තිබිණි.

අනතුරුට පත් මෝටර් රථය ජේ. ශ‍්‍රී රංගා මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට හිමි වරප‍්‍රසාද යටතේ අනතුර සිදුවීමට මාස පහකට පෙර ලබාගෙන තිබුණත් එම රථය අනතුර සිදුවන දිනය වනතෙක්ම ලියාපදිංචි නොකර තිබූ බවටද විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More