දේශීය පුවත්

විදේශීය මත විමසුම්වල කුමක් සඳහන් වුවද දේශීයව කළ මත විමසුම් අනුව ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට තවමත් හිමිව ඇත්තේ සියයට හතළිහකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර ඊයේ (16) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවට ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ද එක්ව සිටියහ.

මෙහිදී අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සිදුකළ මත විමසුමකින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බවයි. එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ සියයට 40කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට හිමි වන බවයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී තිබූ ප්‍රතිශතය අවම වී ඇති බවද ඔහු පෙන්වා දී ඇත. එක්සත් ජාතික පක්ෂය. මුස්ලිම් දේශපාලන පක්ෂවල අවශ්‍යතා මත කටයුතු කරන බවට මත විමසුමේදී හෙළි වී තිබීම, ප්‍රතිශතය අඩුවීමට හේතුව බව අනාවරණය වී තිබේ. එම නිසා සිංහල ජාතිකයන්ගේ විරෝධයක් මතුව ඇති බව මත විමසුමෙන් අනාවරණය වී තිබේ. ඉන්දියාව සිදුකළ මත විමසුමකදීද අමාත්‍ය සජිත් ප්‍රේමදාසට වඩා ගෝඨාභය රාජපක්ෂ ඉදිරියෙන් සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී පෙන්වා දී ඇත.

මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට යාමේදී පවතින අඩුපාඩු සකස් කර ගැනීමේ ක්‍රමවේද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More