දේශීය පුවත්

දේශප්‍රේමී එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් හා ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් (16) කොළඹදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ දේශප්‍රේමී එක්සත් ජාතික පක්‍ෂයේ ලේකම් සුගත් හේවාපතිරණ මහතා එක්සත් ජාකිත පක්‍ෂය විදේශ බලවේගවල උවමනාවට කටයුතු කරමින් පවතින නිසා මේ රටට විශාල සේවාවක් කළ මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එකතු වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට තම පක්‍ෂය තීරණය කර ඇති බව මෙහිදී පැවසීය.

එමෙන්ම මේ වන විට තම ව්‍යාපාර කඩා වැටී ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි තත්වයට ව්‍යාපාරිකයින් පත්ව ඇති බැවින් මහින්ද රාජපක්‍ෂ මහතා ගේ නායකත්වයෙන් ඉදිරියේදී පත්වන රජයක් තුළින් ඔවුන් නගා සිටුවීම සඳහා ඔවුන් ලබාගත් ණය ගෙවීමට සහන කාලයක් ලබාදෙන මෙන්ද ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය වසර හතර හමාර තුළ අප විසින් ආරම්භ කරන ලද සියලු සංවර්ධන කටයුතු නැවතුනා. ණය ගැන කතාකරමින් අපට වඩා ණය ගත්තා. අපි ගත්ත ණය වලට කරපු දේවල් රට තුළ ගමන්කරන ඔබතුමන්ලාට දැකගන්න පුලුවන්. මේ ආණ්ඩුව ගත්ත ණය වලට සිදු වුණ දෙයක් නැහැ. අපේ කාලයේ සහල් වලින් බඩඉරිඟු වලින් සහ අර්තාපල් වලින් රට ස්වංපෝෂිත කිරීමට කටයුතු කළ බවද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ චන්දිම වීරක්කොඩි මහතාද එක්වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More