දේශීය පුවත්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධානතම අපේක්‍ෂකයන් සිව් දෙනෙකුගේ ආරක්‍ෂාව තරකිරීමට කටයුතු සලසන්නැයි බුද්ධි අංශ පොලිසියට සහ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, සජිත් පේ‍්‍රමදාස, ජාතික
ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සහ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායකගේ ආරක්‍ෂාව තරකරන ලෙසයි බුද්ධි අංශ මෙලෙස දැනුම්දී ඇත.

එම අපේක්‍ෂකයින්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු පදනම් කරගනිමින් බුද්ධි අංශ ඒ පිළිබද පොලිසිය සහ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයින් දෙදෙනෙකු වන පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සහ සරත් මනමේන්ද්‍ර ද තමන්ට ආරක්‍ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් හට අවශ්‍ය උපරිම ආරක්ෂාවක් ලබාදීමට ඉකුත් දා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද තීරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More