දේශීය පුවත්

ගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් මෙරිටයිම්ස් ආයතනයේ සභාපතිවරයා වන යාපා හෙට්ටි ආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණි අවස්ථාවේදීය.

එසේම, ඇවන්ගාඩ් සිද්ධියට අදාළව විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පවතින නඩුව සඳහා මෙම සැකකරු අද (17) සවස 2.00 ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More