දේශීය පුවත්

ශ්‍රී ලංකා තේ නාමය යටතේ ඩුබායි රාජ්‍යය වෙත අපනයනය කිරීමට කසළ තේ සූදානම් කරන අම්බලන්ගොඩ ප්‍රදේශයේ රහසිගත තේ කර්මාන්තශාලාවක් වටලා කිලෝ පහළොස් දහසක කසළ තේ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (16 වැනිදා) සමත් විය.

ඩුබායි වෙත යැවීම සඳහා මෙම කර්මාන්ත ශාලාවේ සිට කසළ තේ ලොරියක් කොළඹ බලා යාමට සූදානම් වෙද්දී පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වාට ලද තොරතුරක් මත ලොරිය සමග කසළ තේ කිලෝ හාරදහසක් ඊයේ (16 වැනිදා) උදෑසන අල්ලාගෙන ඇත.

එම රථයේ රියැදුරු හා ගෝලයාගෙන් ප්‍රශ්න කිරීමෙන් ලද තොරතුරු මත අම්බලන්ගොඩ කන්දේගොඩ පිහිටි කර්මාන්ත ශාලාව ගැන හෙළිවීමෙන් පසුව වටලා ප්‍රවාහනයට සූදානම් කරමින් තිබූ කසළ තේ කිලෝ එකොළොස් දහසක් සොයා ගෙන තිබේ. මෙම කම්හලේ කොළඹින් රැගෙන ගිය සේවකයන් දොළොස් දෙනකු සිට ඇති අතර එහි ගබඩා භාරකරු අත්අඩංගුවට ගෙන ඇත. කර්මාන්ත ශාලාවේ හිමිකරු වැටලීමත් සමග ප්‍රදේශය මගහැර ගිය බව අනාවරණය වූ නිසා ඔහු සොයා විමර්ශන අරඹා ඇත.

කිසිදු බලපත්‍රයක් නොමැතිව රහසිගතව මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගොස් ඇතැයි හෙළි වී ඇත.

වැටලීමට පෙර දින එනම් පෙරේදා (15 වැනිදා) දිනයේ මෙම ගබඩාවෙන් අඩි හතළිහක කසළ තේ කන්ටේනරයක් රට යැවීමට පිටව ගිය බවට තොරතුරු ලැබී ඇත. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ගේ නියෝග මත පොලිස් විශේෂ කාර්ය බළකාය හා තේ මණ්ඩලය පරීක්ෂණ මෙහෙයවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More