දේශීය පුවත්

වත්මන් රජය විකුණා දැමූ සම්පත් සියල්ල රටට පවරා ගැනීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

නව ලිබරල්වාදී අදහස්වලින් හෙබි රජයකින් රටට සෙතක් බලාපොරොත්තු විය නොහැකි බවද කොළඹ පදනම් ආයතනයේ පෙරේදා (15 වැනිදා) පැවති ජාතික සංවිධාන එකමුතුවේ ජාතික සම්මේලනය අමතමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ ප‍්‍රකාශ කළේය

වත්මන් රජය විසින් රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට ගෙන යෑමට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව විශාල හඬක් නැඟූ බවත්, මේ වන විට රටේ ස්වෛරීභාවයට වගේම රටට විශාල අභියෝගයක් එල්ල වී තිබෙන බවත් හෙතෙම කීවේය.

රාජ්‍ය නොවන සංවිධානවල වුවමනාවට රටේ පැවති ජාතිකත්වය කඩා බිඳ දැමීමට වත්මන් රජය කටයුතු කළ බවත්, යුද්ධය අවසන් කිරීමෙන් පසු රට තුළ ජාතික අභිමානයක් ඇති කිරීමට අප කටයුතු කළ බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මේ වන විට රට උදා වී තිබෙන අභියෝගවලට මුහුණ දී අපේ සංස්කෘතිය ආරක්‍ෂා කිරීමට කැපවීමෙන් කටයුතු කරන බවත්, පසුගිය කාලයේ තමන්ට භාරදුන් වගකීම් නිසියාකාරව ඉටු කළ බවත්, ඉදිරියේදී ඔබේ යුතුකම ඉටුකළහොත් මගේ වගකීම ඉටු කරන බවත් ඒ මහතා පැවසීය.

රට ගැන අවබෝධයක් නොමැති රජයකට ඉදිරි අභියෝගවලට මුහුණදීමට පුළුවන්කමක් නැති බවත්, නොබැඳි රටක් වශයෙන් ඉදිරියේදී මීට වඩා අභියෝගවලට මුහුණදීමට සිදුවන බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More