දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට වේදිකාවේදී හූ කීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ද අවධානයෙන් සිටිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිද අදහස් දැක්වු  ඒ මහතා පැවසුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාර කුමාර තුංග මහක්මිය ලියුම් එවන්නේ මැතිවරණ ව්‍යාපාරය දෙකඩ කරන්න බවයි.

එහිදි මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් නෙවන බවත් එම නිසා පක්ෂ නායකත්වය ලබාදීමේ අදහසක් නොමැති බවත්ය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත තීරණය අනුව 17 වැනිදාට වැඩ බලන සභාපතිධූරය ඉවත් වී නැවත සභාපතිධූරය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටම ලබා දෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

එහිද අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා,

“පොදුජන පෙරමුණේ පිරිසක් එකතු කරගත්තා හූ කියන කණ්ඩායමට මුදල් ගෙවලා’

ලක්ෂ ගණනක විශාල සෙනගක් මැද  හූ කියන පුද්ගලයා ළඟ කැමරාවක් .මේක සැලසුම්සහගත ක්‍රියාවක්. රැස්වීම් බලන්න එන ජනතාවට කියනවා.

හූ කියන කෙනා පහළට පහත් කරන්න.අතපය කඩාගෙන ගුටි කෑවට කරන්න දෙයක් නෑ. හූ කියන අයට ජනතාව ගහයි. නායකයින්ට තමයි පත්තු බදින්න වෙන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More