දේශීය පුවත්

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සිංහල භාෂාවට දෙවැනි තැන හිමි වී තිබේ.

යාපනය ගුවන් තොටුපළේ පුවරුවල මුලින්ම දෙමළ භාෂාවෙන් දක්වා ඇති අතර දෙවැනියට සිංහලෙන් හා තෙවැනියට ඉංග‍්‍රීසියෙන් දක්වා ඇත.

මේ ගැන බොහෝ දෙනාගේ විමතිය පළ වී තිබේ.

කෙසේ නමුත් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දිනයේ විවෘත වීමට නියමිතය.

ප‍්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පලාලි ගුවන් තොටුපළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස නම් කෙරිණි.

මේ අතර යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද (17දා) ජනපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබුණත් එම විවෘත කිරීමේ උත්සවයේ න්‍යාය පත්‍රය තුළ ජාතික ගීය ගායනා කිරීමක් නොමැති බව වාර්තා වෙයි.

ඊට විකල්පයක් ලෙසින් ජාතික කොඩිය උත්සවය ආරම්භවීමේදී පටන් ඔසවා තැබීමට නියමිත බවත් වාර්තා වෙයි.

ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවස්ථාව ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේද ජාතික ගීය ගායනා කිරීමක් සිදු නොවුණි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැගත් හෙලිකොප්ටර් යානය ගුවන් හමුදා කඳවුරට ගොඩ බෑමෙන් අනතුරුව ජනපතිවරයා සෘජුවම පැමිණ ගුවන් තොටුපොළ විවෘත කිරීමට නියමිතව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More