දේශීය පුවත්

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරක්ෂාවට සවිකරණ ලද සීසීටීවී කැමරා පද්ධතිය 15 දා මුලතිව් පොලීසියේ නිලධාරීන් විසින් ගලවා ඉවත් කොට තිබෙන බව වාර්තා වේ.

මේ විහාරස්ථානයේ අළුතින් විහාරාධිපති ධූරයට පත්වූ මිහිදුපුර රතනදේවකිත්ති හිමියන් විසින් අන්තවාදී ආක්‍රමණයට මුහුණ පා සිටින විහාරස්ථානයේ ආරක්ෂාවට මෙම කැමරා පද්ධතිය සවි කිරීමට තීරණය කොට ඇත.

ඒ අනුව අදාල සමාගමකට ඒ බව දන්වා සිසීටීවී කැමරා පද්ධතියක් විහාරස්ථානයේ සවි කරණ මෙන් මුදල් ගෙවා විහාරස්ථානයේ බාරකරුට ඔවුන්ට සහය වන මෙන් දැණුම් දී තිබේ.

එම අවස්ථාවේදි මුලතිව් පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ එලෙස කැමරා සවිකළ නොහැකි බවට පවසා කැමරා ගලවා දමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ බාරකරු කැලුම් බංඩාර පවසනවා..

“දෙමළ ජාතික සන්ධාන‍ය ඇතුළු පිරිසක් අපේ පන්සලේ කෝවිලක් තිබෙනවා කියලා විවිධ බලපෑම් කරනවා. පන්සලට නිතරම කරදර කරනවා. හාමුදුරුවෝ නිතරම පන්සලේ නැති නිසා ආරක්ෂාවට තමයි මේ කැමරා සවි කරන්න සූදානම් වුණේ ඒකට පොලීසිය ඉඩ දුන්නේ නැහැ. ගලවලා එව්වා අයින් කළා.”

මුලතිව් පොලීසියෙන් මේ පිළිබදව විමසූ විට එහි නිලධාරියෙකු කියා සිටියේ අධිකරණයේ නියෝග වලට අනුව මේ ස්ථාන දෙකෙහිම ආගමික කටයුතු හැර වෙනත් කිසිම ඉදිකිරීමේ කටයුත්තක් හෝ සවි කිරීමක් සදහා අවසර ලබා දිය නොහැකි නිසා එම කැමරා පද්ධතිය ඉවත් කිරීමට සිදු වු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More