දේශීය පුවත්

බලය  බෙදීමට කැපවන බව බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉන්දියාවේ හින්දු පුවත්පතට කරන ලද ප්‍රකාශය පිළිබඳ ලංකා ලීඩ්  නිවුස් විසින් සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතාගේ මතය විමසන ලදී.

මේ එතුමාගේ වචන

”බැසිල් රාජපක්ෂ මහතා හින්දු පුවත්පතට කියපු දේ ගැන අපි කියන්න ඕන නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳ උත්තරයක් දීලා තිබුනා ඒ ගැන සුමන්තිරන්ට. මහින්ද රාජපක්ෂ මහතා කියන දේ සමග එකඟයි. බැසිල් රාජපක්ෂ මහතා කිව්වා කියන දේ ඇත්තටම කිව්වද කියන්න අපි දන්නේ නැහැ. ඒ ගැන අපට අලුතින් කියන්න දෙයක් නැහැ. මෙතන කාලයක් අපි කියපු දේම තමයි කියන්න තියෙන්නෙ. අපේ රටේ දැනටමත්  ඉන්දියාවටත් වඩා පළාත් වලට දේශපාලන බලය බෙදලා තියෙනවා. තවදුරටත් බලය බෙදන්න කැපවෙනවා කියන්නේ ඊටත් එහාට යනවා කියන එක. ඒක තමයි මෙච්චර කාලයක් බෙදුම්වාදීන් ඉල්ලා සිටින්නේ. බෙදුම්වාදීන් ඉල්ලා ඉල්ලන දේ දෙන්න තමයි මේ ආණ්ඩුව බලයට පත් වුණේ. ආණ්ඩුව වෙනස් කරන්න ඕන වෙන්නේ ඒක වෙනස් කරන්න මිසක් ඔළුගෙඩි මාරු කරන්න නොවෙයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More