දේශීය පුවත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් ඇතුළු ක‍්‍රියාකාරීන්, ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය ලබා ගැනීම සඳහා එක්කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට ප‍්‍රබල උත්සාහයක නිරතව සිටින බව පක්‍ෂයේ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පවසයි.

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලැබූ ඡුන්ද ප‍්‍රතිඵලය මත ඔවුන් අද විශාල උනන්දුවකින් මන්ත‍්‍රීවරුන් සහ සංවිධායකවරුන් ඔවුන් වෙත ලබා ගෙන එම ඡුන්ද පදනම ඔවුන්ට ලබා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවද වැඩබලන සභාපතිවරයා සඳහන් කළේය.

විවිධ උපක‍්‍රම යොදාගෙන එම මන්ත‍්‍රීවරුන් ලබාගැනීමට කටයුතු කළද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිදු මන්ත‍්‍රීවරයකු එජාපයට එක්කර ගැනීමට නොහැකි බවත් ඒ සියලූ දෙනාම ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනපති කරවීමේ උත්සාහයක මේ වන විටත් නියැළී සිටින බවත් වැඩබලන සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More