දේශීය පුවත්

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ කිළිනොච්චියේ පිහිටි නිවසකින් බෝම්බ, ස්වයංක්‍රීය ගිණි අවි ඇතුළු ආයුධ රැසක් හමු වීමත් සමගම වවුනියාවෙන් උතුරට හා උතුරෙන් වවුනියාව හරහා දකුණට යන එන වැසියන් හා වාහන දැඩි ලෙස පරීක්ෂා කිරීමට ආරම්භ කර ඇති බව උතුරේ ආරංචිමාර්ග සදහන් කරයි.

වවුනියාවේ මෙතෙක් පැවති ආරක්ෂක මාර්ග බාධකවලට අමතරව තවත් අමතර මාර්ග බාධක කිහිපයක්ම යොදවා ඇති අතර ඒවාටද අමතරව හදිසියේ කෙරෙන පරීක්ෂා කිරීම් දැඩි කොට ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා ඔහුට අයත් කිළිනොච්චිය නිවසේ සිට ටී -56 වර්ගයේ ගිණි අවියක් කන්තලේ දක්වා රැගෙන ගොස් ඇති අතර ඔහු කිළිනොච්චියේ සිට කන්තලේ දක්වා එම ගිණි අවිය රැගෙන ගියේ කුමන කාරණයක් සඳහාද යන්න මෙතක් හෙළි වී නොමැති බවද වාර්තා වේ.

එම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා අත්අඩංගුවට ගැනීමත් සමගම මේ අන්දමට තවත් අවි ආයුධ සඟවා ගෙන සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඔවුන් ආයුධ සඟවා ඇති ස්ථානවලින් වෙනත් ප්‍රදේශ වෙත අවි ආයුධ රැගෙන ගොස් සැගවීමට ඉඩ ඇති නිසා වවුනියාව ප්‍රදේශයේ මෙලෙස පරීක්ෂා කිරීම් දැඩි කොට ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More