දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර කොළඹදී පැවැති සාකච්ඡාව ඵල රහිත බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු ප‍්‍රකාශ කොට සිටිති.

මේ සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර අර්බුදයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබා දෙන විසඳුම් පිළිබඳව විමසූ විට මේ සාකච්ඡාවට සහභාගි වී සිටි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට වඩා ඉතා විශාල ලෙස බලපාන ප‍්‍රශ්න දකුණේ ජනතාවට ඇති බව පැවසුවේ යැයි දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරු පවසති.

උතුරු නැගෙනහිර ජනතාවටත් දකුණේ ජනතාවටත් මුහුණදීමට සිදුව ඇති බොහෝ ප‍්‍රශ්න එක හා සමාන බවද මේ සාකච්ඡවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කොට තිබේ.

සාකච්ඡව අවසානයේදී ඒ දෙදෙනාම පවසා ඇත්තේ ඔවුන්ගේ ඉදිරි රජය තුළින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලූවලට විසඳුම් ලබාදීමට අපේක්‍ෂා කරන බවයි.

මේ සාකච්ඡුාවෙන් පසුව සුමන්තිරන් මන්ත‍්‍රීවරයා විසින් සාකච්ඡා වූ දේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී සම්බන්ධන් මන්ත‍්‍රීවරයා ඒ පිළිබඳව ඔහුගේ දැඩි නොසතුට ප‍්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු පවසති.

යළිත් වරක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග උතුරු නැගෙනහිර අර්බුදයට ලබාදෙන විසඳුම් පිළිබඳව සාකච්ඡ කිරීමෙන් ඵලක් නොමැති බවත් රාජපක්‍ෂ පරම්පරාවෙන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හෝ ඔවුන්ට සහනයක් නොලැබෙන බවත් මේ අවස්ථාවේදී ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කොට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More