ප්රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයන්ට යෝජනාවලියක් ඉදිරිපත් කිරීම සඳහා උතුරේ දෙමළ පක්ෂ 5 ක් ගිවිසුමකට එළඹ තිබේ.
තමිල් අරසුකච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය, ටෙලෝ, ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්. සහ උතුරේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ දෙමළ ජනතා පෙරමුණ යන පක්ෂ මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.
ඔවුන් විසින් සකස් කරන ලද යෝජනා මාලාවක් ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයන් දෙදෙනාට ඉදිරිපත් කර ඔවුන් සමග සාකච්ඡා කිරීමට මෙම පක්ෂ තීරණය කර තිබේ.
තම යෝජනා පිළිගන්නා අපේක්ෂකයකු වෙතොත් ඔහුට සහාය පළ කිරීමේ එකඟතාවකට ද මෙම දෙමළ පක්ෂ එළඹ තිබේ. කෙසේ වෙතත් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ මෙම එකඟතාවට එක්ව නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...