වත්මන් ආණ්ඩුවේ ඇති දුර්වලතාව හේතුවෙන් රටේ පැවති ආරක්ෂිත සැලැස්ම විනාශ වූ බවත්, තම රජයක් යටතේ නැවතත් රට සුරක්ෂිත කිරීමට සහතික වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද(14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන රැස්වීම අමතමින්ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණේ මහව දිගන ක්‍රීඩාංගනයේදීයි.
මෙහිදී ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට රැස්ව සිටි පිරිසෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිකවැරටිය ආසන රැස්වීමද අද පස්වරුවේ නිකවැරටිය සතිපොළ භූමියේදී පැවැත්වුණි.
මේ අතර හිරියාල ආසනයේ සංවිධාන කළ තවත් ජන රැළියක් අද පස්වරුවේ මැල්සිරිපුර නගරයේදී පැවැති අතර ඊට ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...