මැතිවරණයකදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මඟින් ව්‍යාජ පුවත් මවමින් ඡන්ද දායකයන්ට කරන බලපෑම ගැන පැහැදිලි අවබෝධයක් මැතිවරණ කොමිසමට තිබෙන බැවින් මැතිවරණ කොමිසම ව්‍යාජ පුවත්වලට වැට බැඳීමට ෆේස් බුක් ජාලයේ කලාපීය ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සිළුමිණ පුවත්පතෙහි පළ කොට ඇති ලිපියකට අනුව එම ව්‍යාජ පුවත් මවන ෆේස්බුක් ගිණුම්වලට අනතුරු ඇඟවීමක්ද කර ඇති අතර අසත්‍ය සහ අපේක්ෂකයෙකු අගතියට පත් වන තොරතුරු මෙවර මැතිවරණ සමයේදී හුවමාරු නොකරන ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.
මැතිවරණ කොමිසම ස්ථාපිත කිරීමත් සමඟ කොමිසමේ සාමාජිකයන් මැතිවරණ සමයකදී පෞද්ගලික මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන්ද උපමාන සකස් කරමින් එය අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කරන්නේ මැතිවරණ සමයේදී පෞද්ගලික මාධ්‍යවලට පවා හිතුමතේට දේශපාලනඥයන්ට කඩේ යන්නට ඉඩක් නොතබමින් බවද ඔහු එම ලිපිය මගින් අවධාරෙණය කර ඇත.
එම සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...