දේශීය පුවත්

එල්.ටි.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු මැලේසියානු පොලීසිය විසින් පසුගිය (12)දා අත්අඩංගුවට .

ඔවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැංවීම සඳහා මූල්‍ය පහසුකම් සැලසූ බවට චෝදනා එල්ල වී ඇතැයි එරට මාධ්‍ය පවසයි.

එල්.ටි.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පස් දෙනකු මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මලක්කා, පිනෑන්, සෙලෙන්ගෝර් යන ප්‍රදේශවලින්.

මොවුන් එල්.ටි.ටි.ඊ. සංවිධානය යළි ගොඩනැංවීම සඳහා මූල්‍ය පහසුකම් සැලසූ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

ඉකුත් බ්‍රහස්පතින්දාද එල්.ටි.ටි.ඊ. සංවිධානයට සහයෝගය ලබා දීමේ චෝදනා මත පුද්ගලයින් හත් දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අතර මැලේසියානු ඩි.ඒ.පී.පක්ෂයේ නියෝජිතයින් දෙදෙනෙකුද වන බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මැලේසියානු ත්‍රස්ත මර්දන අංශ ප්‍රධානී අයෝබ් ඛාන් සඳහන් කර සිටියේ අදාළ සැකකරුවන් ඍජුවම එල්.ටි.ටි.ඊ. සංවිධානය ප්‍රවර්ධනයට කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මේ අනුව එල්.ටි.ටි.ඊ. සංවිධානයට සහාය දැක්වු බවට සැකපිට පසුගිය දින කිහිපය තුළ මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන පුද්ගලයින් 12 ක්.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් අනුකම්පා කිරීම වරදක් නොවුණ ද ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටි.ටි.ඊ. සංවිධානයට
සහාය දැක්වීම වරදක් බව මැලේසියානු ත්‍රස්ත මර්දන අංශ ප්‍රධානීවරයා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More