දේශීය පුවත්

බහුතර සිංහල ජනතාව සිටින ආණ්ඩුවකට සුළු ජාතිකයින් සහාය දැක්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් හමුවේදීයි.

මෙහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ, සිංහල ජනතාව කොහෙ සිටින්නේ දැයි බැලිය යුතු බවයි.

සිංහල බහුතරයක් සිටින ආණ්ඩුවකට සුළු ජාතිකයින් සහයෝගය දෙන්නේ නම් එම ආණ්ඩුව ඉතාමත් ශක්තිමත් බවත් පැවසු මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂය ලබා ගනු ලැබුවේ සියයට 22 ක් ලබා ගත් බවත් කියා සිටියේය.

ඇල්පිටිය යනු බහුතර සිංහල ආසනයක් බවත් පැවසු මන්ත්‍රීවරයා, පොහොට්ටුව සියයට 57 ක් ලබා ගත් බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සියයට 12 ක් ලබා ගත් බවත් පැවසීය.

එනිසා සමස්තයක් ලෙස පොදුජන පෙරමුණට සියයට 70 ක ඡන්ද ප්‍රතිශතයක් ලැබි ඇති බවත් ඒ නිසා ‍රට යන දිශාව අනුව අනිවාර්යයෙන්ම, ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ඇතිව නිසැකයෙන්ම ජයග්‍රහණය කරන බවත් කියා සිටියේය.

එනිසා සුළු ජාතිකයින් ලෙස තමන් ගෝඨාභය මහතාට සහය ලබා දිය යුතු බවත් එවිට සහජීවනයේ පංගුකරුවන් විය හැකි බවද පැවසු මන්ත්‍රීවරයා, ජාතිය නියෝජනය කරන පක්ෂ අම්පාර වැනි තැන්වල සිටින බවත් පැවසීය.

එම පක්ෂ බො‍හෝමයක් එක්සත් ජාතික පෙරමුණේ බවත් පැවසු ෆයිසර් මුස්තාෆා මහතා ඔවුන් තම ජාතිය ආරක්ෂා කරන බව පැවසුවත් පාස්කු ප්‍රහාරයෙන් පසුව ඔවුන්වවත් ආරක්ෂා කළ නොහැකි තත්ත්වයක් උදාවු බවත් කියා සිටියේය.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට නම් නිසැකයෙන්ම යුද්ධය දිනවු ගෝඨාභය මහතා ජනාධිපතිවරයා කළ යුතු බවත් පැවසු මන්ත්‍රීවරයා, ජාතික ආරක්ෂාවක් නොමැතිව සහජීවනයක් නොමැති බවත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More