දේශීය පුවත්

‘‘පසුගිය අවුරුදු පනහක හැටක පමණ කාලය තුළ අපේ රටේ ස්වාභාවික සම්පත් හා වනාන්තර විනාශ කිරීමේ කාර්යයේ මුලින්ම සිටින්නේ මේ රට පාලනය කළ ආණ්ඩු. මෙතෙක් පත් වූ සියලු ආණ්ඩු වනාන්තර විනාශ කිරීමට කටයුතු කළා. දේශපාලනඥයන් මුල් වී රාජ්‍ය නිලධාරින්ගේ කැමැත්ත මත ඒ දේවල් සිදු කළා’’ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හබරණ දී පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනට එක් වෙමිනි. ලංකා බැංකුවට වසර 80ක් පිරීම නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.එහිදී ජනාධිපතිවරයා‍ මෙසේ ද කීය.

“ලෝකයේ බොහෝ රටවල්වලට අපට වගේ ස්වාභාවික සම්පත් නෑ.වතුර ගේන්නේ පිටරටවල්වලින් සල්ලිවලට.අපට වගේ හිරු එළිය නෑ.අපට වගේ ලස්සන හඳ එළිය නෑ.අපට වගේ සාරවත් ස්වභාවික ජෛව විවිධත්වයෙන් යුත් මහ පොළවක් නෑ. අපට වගේ සතා සීපාවුන් දකින්න ලැබෙන්නේ නෑ. අපට වගේ ලස්සන වනාන්තර නෑ. නමුත් අපට ඒ සියලු දේ තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ ඒ සියලු ස්වාභාවික සම්පත් මිනිස්සු විදිහට දැනුමෙන් බුද්ධියෙන් ආධ්‍යාත්මික ලෙස මානවවාදී ලෙස හිතලා ඒවා නිසි කළමනාකාරීත්වයෙන් යුතුව පාවිච්චි කිරීමට අපට තිබෙන නොහැකියාවයි. සියලු දේවල් හි තිබෙන දූෂණ ජාවාරම් අක්‍රමිකතා, ස්වාභාව ධර්මයටත් එක්වෙලා.දැන් නෙමෙයි පහුගිය අවුරුදු 50ක් 60ක් හොයලා බැලුවොත් ඊට නායකත්වය අරන් තියෙන්නේ දේශපාලනඥයන්.ඊළගට ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ,ඊට සහයෝගය දෙන රාජ්‍ය නිලධාරින්. ස්වභාව ධර්මයාගේ සියලු සම්පත්වලින් ආඪ්‍ය වූ සුන්දර ලස්සන අපේ මාතෘ භූමිය ‍රැක ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා.ඒ නිසා තමයි අපි වන ගනත්වය වර්ධනය කිරීම සඳහා මීට අවුරුදු 4කට කලින් මේ වැඩසටහන පටන් ගත්තේ. රාජ්‍ය ඇමැතිතුමා කීවා වගේ සෑම ආණ්ඩුවක් කාලයේම වන ඝනත්වය ලංකාවේ අඩු වෙලා තියෙනවා. නමුත් අපේ වැඩසටහන් තුළින් ලංකාවේ වන ඝනත්වය වැඩි වෙලා තියෙනවා. ඒක මම දකින්නේ මිනිසා සඳහා පමණක් නොව සියලු සත්ත්වයන් සඳහා කරන ලද මහා පුණ්‍ය කර්මයක් විදිහටයි. මිනිස්සු හිතාගෙන ඉන්නවා මහපොළව මිනිස්සුන්ගේ කියලා. ඒක නිසා මිනිස්සු ගස් කපනවා. ගල් කඩනවා, වැලි හූරණවා, පස් කපනවා. මේ ඔකොම මහපොළවේ තමයි. නමුත් මහපොළව මිනිස්සුන්ගේ නොවන බව ඔබ දන්නවා .මිනිස්සු කියන්නේ මහපොළවේ කොටසක් විතරයි. සියලු සත්ත්වයා බිහිවෙලා තියෙන්නේ මහපොළවෙන්. මිනිස්සුන්ගේ නෙමෙයි මහපොළව. මහපොළවට තමයි අපි සියලු දෙනාම අයිති. නමුත් අපි කොච්චර අපේ මහපොළව විනාශ කරනවා ද. කළුගල් කඩන අය, පස් කපන, අය කඳු කපන අය, වනාන්තර විනාශ කරන අය, වැලි ගොඩදාන අය මොනතරම් හිරිහැරයක් ද විනාශයක් ද කරන්නේ. ලෝකයේ වර්ධනය වන ගෝලීය උෂ්ණත්වයත් සමග ස්වභාවික සම්පත් ආරක්ෂා කරන්න විද්වතුන්ගේත් විද්‍යාඥයන්ගේත් දේශපාලනඥයන්ගේත් අවධානය යොමු වෙලා හැම කෙනෙක්ම ඉදිරියට එන්න පටන් ගත්තේ 2015 දී. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැං කි මූන් ලෝකයේ සියලු රාජ්‍ය නායකයන් කැඳවලා ස්වභාවික සම්පත් ආරක්ෂා කරන්න කාලගුණික දේශගුණික විපර්යාසවලින් එන අභියෝගවලින් ජය ගන්න කියලා සමුළුවක් පැවැත්වුවා. නමුත් ලෝකයේ ඉන්න බලවතුන් මේකට අත්සන් කළේ නෑ. කාර්මීකරණය, අධි තාක්ෂණයත් සමග මේ ලෝකයේ සුන්දරත්වය වටිනාකම් නොදැන මහා ධනවත් රටවල් අමෙරිකාව වැනි රටවල් ඒ ගිවිසුමෙන් ඈත් වුණා.සමහර අය අත්සන් කරපු ඒවලිනුත් අයින් වුණා.අමෙරිකාවේ දැන් ඉන්න ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන් අත්සන් කරපු කාලගුණික දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමෙන් දැන් අවුරුදු දෙකකට කලින් ඉවත් වුණා. ඒ අය මිනිස්සු ගැන ආදරයක් නෑ කියලයි මම නම් හිතන්නේ, සත්ත්වයන් ගැන ආදරයක් නෑ කියලා මම හිතන්නේ.ඒ ගොල්ල පාලනය කරන්නේ ලෝකයේ මහා ව්‍යාපාරිකයෝ.

ආයුධ වෙළෙදාම්, ඖෂධ ​වෙළෙදාම්, මත්ද්‍රව්‍ය වෙළෙදාම් වැනි මහා ජාවාරම්කාර මහා බලවතුන් ලෝකය පාලනය කරන්නේ.දේශපාලනඥයන් නෙමෙයි.ඒක නිසා ලෝකයේ පුංචි රටවල් අපි වගේ ස්වභාව ධර්මයා ‍රැක ගන්න මිනිස්සුන්ට ජීවත් වන්න අවශ්‍ය වාතය ඔක්සිජන් ටික ‍රැක ගන්න.ගිවිසුම්වලට අත්සන් කරලා මේ වගේ ව්‍යාපෘති ආරම්භ කරලා මහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට ලෝකයේ මහා ධනවත් බලවත් රටවල් ඒවයින් අයින් වෙලා අපේ වැඩ අපි කරගන්නම් කියනවා. ලංකා බැංකුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද හැම දේකටම උදව් කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පරිසර අමාත්‍යාංශය හා අනෙකුත් ආයතන එක්වෙලා මිනිස්සු හා සියලු සත්ත්වයන් ජීවත් කරවීම සඳහායි මේ කටයුතු කරන්නේ.මම මෙතෙන්ට ආවට පස්සේ නිවේදක මහත්මයයි අනෙක් අයයි කියනවා මං අහගෙන හිටියා මේ ප්‍රදේශයේ වනය විනාශ කළ නිසා නැවත ගස් හිටවනවා කියලා.මම අවුරුදු 60ක් පමණ මේ මාර්ගයේ එහාට මෙහාට යනවා.මේ දිගට තිබූ කැලෑව කවුද විනාශ කෙරුවේ.අර ඈත තියෙන ලස්සන කැලෑව වගේ මේ පාර අයිනට එනකල්ම කැලේ තිබුණා. කවුද විනාශ කෙරුවේ.රජයේ දෙපාර්තමේන්තුවල නිලධාරින්ගේ කැමැත්තෙන් තමයි ගස් කපා ගන්න දුන්නේ.මං ඒක හොඳටම දන්නවා. දැන් ඉතින් මිලියන් ගණනක් වියදම් කරලා අපි ආයේ පැළ සිටුවනවා. මිනිස්සු විසින්ම මේ චක්‍රය ක්‍රියාත්මක කරනවා. පැළ සිටුවනවා ආයෙ විනාශ කරනවා. සොබා දහම ආරක්ෂා කර ගැනීමට අප විසින් ආරම්භ කළ පැළ සි‍ටුවීමේ ජාතික ව්‍යාපාරය ඔබ අප කවුරුත් වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කළ යුතුයි.’’

මෙතෙක් පත්වුණු සියලුම ආණ්ඩු

වන විනාශයට

වගකිව යුතුයි

දේශපාලනඥයන් මුල්වී රාජ්‍ය

නිලධාරීන්ගේ කැමැත්තෙන් එහෙම කළා

ජනාධිපති

මෛත්‍රිපාල සිරිසේන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More