දේශීය පුවත්

විවිධ පුද්ගලයන්ගේ නම් ඈඳාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ ඇතැමුන් සිදු කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ අංශය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ අද නිවේදනයක් නිකුත් කරමින්.

ඇතැම් පුද්ගලයන් විසින් ජනාධිපතිවරණයේ ජාතික අපේක්‍ෂකයා පිළිබ`ද සිදුකරනු ලබන ප‍්‍රකාශ පාදකකොට ගනිමින් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අදීන පෞරුෂය සහ දේශජ ප‍්‍රතිපත්තීන් පිළිබ`ද වැරදි අර්ථකථන ලබා දීමට ඇතැම් විසකුරු බලවේග කටයුතු කරමින් සිටින බව පෙනේ. මෙය පසමිතුරු බලවේගයන්ගේ අවසාන උත්සාහය වී ඇති බවද නිසැකය.

”ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙෂ ඉදිරිපත්වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වාසියක් ගෙන දීමේ අරමුණිනි….. බුදුරජානන්වහන්සේ පිළිබ`ද අශිෂ්ට ප‍්‍රකාශයක් සිදුකළ රාසික් නැමැත්තෙකු ගෝඨාභය මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට බර තබමින් සිටී.”

උක්ත ප‍්‍රකාශ ද්විත්වයම අප විසින් දැඩිව ප‍්‍රතික්ෂේප කරනු ලබන්නේ එකී අර්ථ ශූන්‍ය උත්සාහයන්ටම උරුමවූ පිළිකුලිනි.

ශිෂ්ඨ සම්පන්නබව, වගකීම් සහගත බව මෙන්ම නූතන මතවාදයන්ට මුල්තැන දෙමින් අවෛරී දේශපාලන සංස්කෘතියට නැවුම් ආකෘතියක් හ`දුන්වාදී ඇති ගෝඨාභය රාජපක්‍ෂ මැතුතුමා ප‍්‍රශ්න කළයුත්තේ ඔහුගේමතවාදයන් ප‍්‍රශ්න කිරීමෙන් විනා අශිෂ්ට මාධ්‍ය ප‍්‍රයෝග වලින් නොවන බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු.”

ඩලස්අලහප්පෙරුම
මාධ්‍යප‍්‍රකාශක
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මැතිවරණ ප‍්‍රචාරණඅංශය
2019 ඔක්තෝම්බර් 13



One thought on “හිස්බුල්ලාගේ හා රාසික්ගේ සහය ගෝඨාභයටද? – පසමිතුරු බලවේගයන්ගේ අවසාන කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More