දේශීය පුවත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විප්ලවීය වැඩපිළිවෙළකින් ශක්තිමත් බවත් පීඩිත ජනතාව කෙරෙහි ඇති ආදරයෙන් භක්තිමත් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වැනි ජාතික මහ සමුළුව ආරම්භ කරමින් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

අද(13) කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වැනි ජාතක සමුළුවේ පිළිගැනීමේ දේශනය කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

තුන්වන ජාතික සමුළුවේ ලේකම් මණ්ඩලය ලෙස සේනාධීර ගුණතිලක, පුබුදු ජයගොඩ සහ සංජීව බණ්ඩාර සහෝදරවරු මුලින්ම අසුන් ගත්හ.

කුමාර් ගුණරත්නම් මහතා සමුළුව අමතමින් මේ බව පැවසීය.

“පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් අපි පළමු සමුළුව පවත්වපු වෙලාව අපේ රටේ දේශපාලන සන්ධිස්ථානයක්. අප කලින් දේශපාලනයේ නිරතව සිටි ව්‍යාපාරය අතහැර දාලා සැබෑ වමේ ව්‍යාපාරයක් ගොඩනගන්න අපට සිද්ධ වුණා.

මියැදිච්ච, ජාතිවාදයට, සභාග දේශපාලනයට, පාර්ලිමේන්තුවාදයට යටවී තිබුණු පිරිහී ගිය වමේ ව්‍යාපාරයක් වෙනුවටව සමාජවාදය අරමුණු කර ගත් පන්තිය මත පදනම් වුණු ජයග්‍රාහී වමේ ව්‍යාපාරයක් ගොඩනගන්න අපි අපේ පක්ෂයේ ආරම්භක සමුළුව පැවැත්වූවා.

ඒ වෙලාවේ රාජපක්ෂ පාලනයෙන් දැඩි මර්දනකාරී තත්වයකට මුහුණ දෙමින් තමයි අපිට පළමු සම්මේලනය පවත්වන්න සිද්ධ වුණේ. රාජපක්ෂ පාලනයේ මර්දන හමුදා විසින් ලලිත්, කුගන් සහෝදරවරු පැහැර ගත්තා. තවමත් තොරතුරක් නැහැ.

මේ කතා කරන මමත් ඒ වනවිට පැහැර ගැනීමට ලක් වෙලා ජීවිතයත් මරණයත් අතර හිටියේ. එවැනි මර්දනකාරී තත්වයක් යටතේයි අපට පෙ.ස.ප. ගොඩනගන්න සිද්ධ වුණේ.

මියැදෙමින් තිබුණු වමේ ව්‍යාපාරයට නැවත පණ දෙන්න අපි දේශපාලන කටයුතු ආරම්භ කරද්දී රාජපක්ෂ පාලනය හිතුවා ආරම්භයේදීම අපව තලා පොඩි කර දමන්න.

නමුත් අපි සියලු දෙනාම ඒ තත්වයට අභීතව මුහුණ දුන්නා. වම ගැන, ජනතාවව ගැන, වැඩකරන ජනතාව ගැන, සමාජවාදය, කොමියුනිස්ට්වාදය ගැන තියෙන විශ්වාසයෙන් අපි මුහුණ දුන්නා.

රෝහණන විජේවීර සහෝදරයා කිව්වා, මම ශක්තිමත් සහ භක්තිමත් කොමියුනිස්ට්වාදියෙක් කියලා. අපි කියනවා, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විප්ලවීය වැඩපිළිවෙළකින් ශක්තිමත්. ඒ වගේම පීඩිත ජනතාවට ආදරය කරද්දී අපි භක්තිමත්. “



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More