ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය 8 වෙනි දා රාත්‍රී සංවිධානය කළ අවසන් ජන රැලියට සෙනග පැමිණ සිටි බවත් ඒ අවස්ථාවේදී ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ඔවුන් වෙනත් තැනකට වී රැස්විම බලා සිටි බවත් ඒ කිසිම දෙයක් හිරු නාලිකාවෙන් පෙන්වීමට ක්‍රියා නොකළ බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා චෝදනා නැගුවේය.
නමුත් මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමින් හිරු ටීවී නාලිකාව ඉතා හොඳින් පෙන්වා දුන්නේ එම අවසන් රැලිය පැවති අවස්ථාවේදී වර්ෂාවක් ඇද හැලුණේ නැති බවත් එම අවස්ථාවට ආශු මාරසිංහ කියන ආකාරයේ සෙනගක් කිසිම තැනක නොසිටි බවත්ය.
හිරු ටීවී විකාශනය කළ වීඩියෝව පහතින්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...