දේශීය පුවත්

සේරුනුවර පොලිස් වසමේ දී සැකකරුවෙකු ටී 56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවටට ගෙන ඇත.

සේරුනුවර පොලිස් වසමේ කිලිවෙඩ්ඩි පාලම අසලදී සේරුනුවර යුද හමුදා කඳවුරේ නිලධාරියෙකුට ලද තොර තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

සැකකරු වයස අවුරුදු 36ක් වන 442 අම්බාල්කුලම්, කිලිනොච්චි ලිපිනයේ පදිංචිකරුවෙකි.

සැකකරු පදිංචි ලිපිනය පිහිටි කිලිනොච්චිය පොලිස් ස්ථානය දැනුවත් කර මොහු පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී ඉහත ලිපිනයේ පිහිටි නිවසේ සඟවා තිබියදී ගිනිඅවි පුරන ද්‍රව්‍ය සහ තවත් සැක සහිත උපකරණ රාශියක් සොයාගෙන ඇත.

සැකකරු හිටපු එල්ටීටීඊ සාමාජිකයකු බවට අනාවරණය වී ඇති අතර මෙම උප උපකරණ සොයාගත් නිවසේ පදිංචිව සිටි සැකකරුගේ බිරිඳ සහ සහෝදරිය වශයෙන් හඳුනාගත් වයස අවුරුදු 23 ක හා 28ක කාන්තාවන් ද දෙදෙනකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදීමට නියමිතව ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More