දේශීය පුවත්

වර්තමානයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය දරන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාය. ඔහු පාරම්පරික එජාප පාක්ෂිකයෙකු වන අතර මීට පෙර දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය මෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය ලේකම් ලෙසද කටයුතු කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා ඔහු මධ්‍යම පළාත්ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලදි. එම පත්කිරිමෙන් කෙටිකාලයකට පසු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන ලදි.මෙහිදී ආණ්ඩුකාරවරුන් විසින් විවිධ දේශපාලන කණ්ඩායම් හා ගණුදෙනු කරන බවට විවිධ පාර්ශවයන් විසින් බරපතල චෝදනා එල්ල විය. මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් දිගින් දිගටම එජාපයේ පළාත් පාලන මංත්‍රීවරුන් ආණ්ඩුකාර කාර්‍යාලයට කැදවමින්ද විටින් විට ඔවුන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින්ද ගම් මට්ටමින් බිම්මට්ටමින් එජාප පාක්ෂිකයන් බලගන්වා ඉදිරි ජනාධිපතිවරණය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා දිනවිය යුතු බවටත් ඉදිරි අග්‍රාමාත්‍ය ධූර කාලයේ රනිල් වික්‍රමසිංහ වැනි ප්‍රජාතන්ත්‍රවාදීයෙකු තබාගතයුතු බවටත් ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය නොදක්වන ලෙසත් ඔහු වැනි මිලිටරි නායකයෙකු රටකට නොගැලපෙන බව තවදුරටත් ප්‍රකාශකොට තිබේ. මධ්‍යම පළාතේ එජාප හිතවාදී ඉහල දේශපාලන පවුලක් සමග සබදතාවයක් පවත්වා ගනිමින් නගරාධිපතිවරයෙකුගේ උපදෙස් හා අවවාද මත ඔහූ ආණ්ඩුකාර ධූරයේ බල සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට ආණ්ඩුකාරධුරය අවභාවිතා කරන බවට ඔහුට චෝදනා එල්ලවෙමින් පවතී. පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රිලනිප ය සහය දීමට තීරණය කිරීමත් සමග මධ්‍යම පළාත් ආණ්ඩුකාර දූරය අර්බූදයකට පත්ව තිබේ. ශ්‍රිලනිප ය නියෝජනය කරන ප්‍රබලයන් පිරිසක් විසින් මේ පිලිබදව ජනපතිවරයාට දැනුම් ෆ්හී ඇති අතර ජනාධිපති විසින් ආදාල දැනුම් දීමට යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයි වාර්තාවේ.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩ බැලීම සදහා මධ්‍යම පළාතට පත්කර එවීමට බොහෝවිට ඉඩ ඇතැයි පැවසේ. මෛත්‍රී ගුණරත්න මහතා දැනට ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමින් සිටින අතර ඔහු පසුගියදා ජනාධිපති වරයා ගනු ලැබූ ස්වාධීන වීමේ තීන්දුවට එකගතාවය පළකරමින් තමන්ද නිර්පාක්ෂිකව කටයුතු කරන බවට මාධ්‍ය හමුවක් කැදවා ප්‍රකාශ කර තිබේ.

වි‍ශේෂ මාධ්‍ය සාකච්ඡාව

රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් නීතිය හා සාමයත් ආරක්ෂා කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ලබා දී ඇති උපදෙස් අනුව ආණ්ආඩුකාරවර ධූරයේ ගෞරවය ආරක්ෂා කරමින්, ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කල බව අද දින මා විසින් මාධ්‍ය වෙත දැනුම් දුන් අවස්ථාව.

Gepostet von Maithri Gunaratne am Donnerstag, 10. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More