මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරස්‌ථාන භූමියට බැකෝ යන්ත්‍රයක් රැගෙන පැමිණි දෙමළ ජාතික කොන්ත්‍රාත්කරුවකු විහාරස්‌ථාන ඉඩමේ බොරලු කැපීම ආරම්භ කිරීමත් සමග දායකයන් හා කොන්ත්‍රාත්කරුවාගේ පිරිස අතර 10 දා දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ.
කොන්ත්‍රාත්කරුවාගේ ක්‍රියාවට දායක සභාවේ පිරිස විරුද්ධ වූ අවස්‌ථාවේදී කොන්ත්‍රාත්කරු විහාරස්‌ථානයේ භික්‌ෂූන් වහන්සේ ඇතුළු අනෙක් පිරිසගෙන් ඉල්ලා ඇත්තේ ඉඩම පන්සලට අයත් නම් එහි ඔප්පුව ලබා දෙන ලෙසයි.
බොරලු කැපීම සදහා බලපත්‍රක් නොමැතිව පැමිණි මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ අනුගාමිකයින් රජයේ ඕනෑම අයකුට මේ ගැන පැමිණිලි කරන ලෙස කෑකෝ ගසමින් ගුරුකන්ද විහාරයේ දායකයන්ට පහර දීමටද සූදානම් වී තිබේ.
විහාරස්‌ථානයේ පිරිසක් මේ පිළිබදව මුලතිව් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය මැදිහත් වී බොරලු කැපීම නවතා දමා ඇතත් ව්‍යාපාරිකයා සහ ඔහුගේ අනුගාමිකයන් එම ස්‌ථානයෙන් පිටව ගොස් ඇත්තේ විහාරස්‌ථානයේ පිරිසට තර්ජනය කරමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...