ගෝල්ෆේස් පිටියේ විශාල ජන සහභාගීත්වයක් සමගින් දැවැන්ත ජන රැළියක් සංවිධානය විය යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රඡාතන්ත්‍රවාදී පෙරමුණෙහි පාර්ශ්වකරුවන්ගේ ඒකමතික තීරණය වී තිබුණද ‘වෙන්න ජනාධිපති ආර්යාවගේ’ නයි නැටවීම නිසා සියලු පාර්ශ්වකරුවන් මෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ද දැඩි අපහසුතාවට පත්ව ඇති බවද දැන ගන්නට ලැබේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා වූ එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මාධ්‍ය ආයතන කිහිපයකදීම පසුගිය දා කියා තිබුණේ 10 වෙනිදා (එනම් අද) ඉතිහාසයේ ඉහළම ජන සහභාගීත්වයක් සහිත ජන රැළිය පැවැත් වීමට ගෝල්ෆේස් පිටිය සූදානම් කර ඇති බවයි.
උක්ත මෙහෙයුම් කටයුතුවලට අදාළව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් මගී බස් 400ක්, මනෝ ගනේෂන් මහතාගෙන් මගී බස් 550ක්, දිගම්බරම් මහතාගෙන් මගී බස් 200ක්, ජාතික හෙළ උරුමයෙන් මගී බස් 50ක්, රාධ ක්‍රිෂ්ණන් මහතාගෙන් මගී බස් 50ක් සහ රිෂාඞ් බදියුදීන් මහතාගෙන් මගී බස් 200ක් ආදී වශයෙන් සහභාගි කරවීමට සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයුම් කාර්යාලය හා එකඟතාවකට පැමිණ තිබුණද ඒ සඳහා වන මූලික ප්‍රතිපාදන කිසිවක් අදාළ අංශ වෙත නොලැබුණ හෙයින් සජිත්ගේ මෙහෙයුම් ජාලයම එකම අවුල් ජාලාවක් බවට පත්ව ඇත.
සජිත් සිය ජනාධිපතිවරණ සටන පටන් ගත්තේ මැතිවරණ කැම්පේන් කාර්යාල වැඩිම සංඛ්‍යාවක් හිමි අපේක්ෂකයා ලෙස ඉතිහාසගත වෙමිනි. ඒ අතර මංගල සමරවීර, චම්පික රණවක, ඉමිතියාස්, ක්‍රිෂාන්ත කුරේ, ශිරාල් ලක්තිලක, රුවන් ෆර්ඩිනෑන්ස්, සුදත් චන්ද්‍රසේකර වැනි කැම්පේන් කප්පිත්තන්ගේ ගොඩට ළඳ බොළඳ ජලනි ප්‍රේමදාසගේ නම ද ඉල්ලා එල්ලාගෙන තිබුණි.
උක්ත කැම්පේන් කප්පිත්තන් මේ වන විට නිහඬය. ඒ අදාළ ප්‍රචාරක වැඩසටහන් සඳහා කිසිඳු ප්‍රතිපාදනයක් නොලැබෙන වාතාවරණයක් යටතේය. ඇඞ්වර්ටයිසින් කප්පිත්තන් ලැම්බෝවලට ඩීසල් ගහද්දී ප්‍රේමදාස ආර්යාව (ජලනි) පමණක් ජම්බෝ පිම්මක් පනින්නේ තවත් කොම්පැනි ‘පැණිවලට’ ආල වඩමිනි.
සිය සැමියා ජනතාවට සේවයට බැඳී සිටියදී ජලනි සිය Jaalspa (ස්පා) ආයතනයට පැමිණෙන අදාළ ‘කොම්පැනි’ සේවාදායකයන්හට සජිත්ගේ ප්‍රචාරණ කටයුතු බාර දෙමින් සිය සේවාදායකයන් පොහොසත් කිරීමේ සේවයට බැඳීසිටීම දෛවෝපගත සිදුවීමකි.
එවන් පසුබිමක් යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් දින වීමේ කටයුතු බාරගත් පුද්ගලයන් හා ආයතන දැඩි අසීරුතාවකට ද පත්ව තිබේ.
පොදු ජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකයා ප්‍රචාරක වැඩසටහන් සහිතව නිසි වැඩපිළිවෙළකින් ඉදිරියට යද්දී, සජිත්ගේ ගමන මේ වන විට එක්තරා නිශ්චිත ස්ථානයක නතරවී ඇත. ඒ අනෙකක් නිසා නොව, කොටින්ම කියන්නේ නම් ජලනි ආර්යාවගේ ගොබ්බ වැඩ නිසාය.
අවාසනාවකට සජිත් මේ කිසිවක් දන්නේ නැත. දැනගන්නට ක්‍රමයක් ඇත්තේද නැත. එහෙත් ප්‍රතිවාදියා ඉදිරියේ පරාජිතයකු වූ පසු නිශ්චිතවම ඔහු මේ ගැන වැටහීමක් ලබා ගන්නවා ඇත.
එහෙයින් අවසන් වශයෙන් කිව හැක්කේ මෙපමණකි, නයා මේ වන විට තනිව පොළේ ගොස් ඇත. පොලුපාරක් කා පැමිණෙන තුරු බලා සිටින්න. දැනට එපමණකි…