දේශීය පුවත්

මෙරට තුළ සුපිරිසිදුම ආණ්ඩුව තම නායකත්වය යටතේ බිහිකරන බව එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා ගාලූමුවදොර පිටියේදී ඊයේ (10 වැනිදා) පැවැති ජනාධිපතිවරණ සටනේ සිය මංගල රැලිය අමතමින් පැවසීය.

එම පාලන කාලය තුළ රටේ අනාගත තීන්දු ගනු ලබන්නේ වලව්වක එක් පවුලකින් නොව පොදු ජනතාව විසින්ම බවද හෙතෙම එහිදී සඳහන් කළේය.

රට තුළ සද්ධන්ත ආර්ථික සංවර්ධනයක් ඇතිකර දූෂණයට වංචාවට රාජ්‍ය දේපළවලට අත නොතියන යුගයක් ඇතිකරන බවද ඒ මහතා පැවසීය.

කාන්තාවන් තරුණ පරපුර ගොවි ජනතාවට ශක්තිය සැපයීමට මෙන්ම සැබෑ කම්කරු ප‍්‍රඥප්තියක් ද නීතිගත කරන බවද සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කළේය.

ජාතික ආරක්‍ෂාවේ ඉහළම වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදී ජන ජීවිත ආරක්‍ෂා කරනවා සේම වැඩ කළ හැකි දක්‍ෂයන්ට වගකීම් පවරන බවද ඒ මහතා පැවසීය.

කිසිදු දේශපාලනඥයකුට ජම්පර් ඇන්දවීමට කටයුතු නොකරන බවත් එම කටයුතු අධිකරණයට පවරන අතර මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවනට උපරිම දඬුවම් ලබාදෙන බවද සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම රැුලියට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ මැති ඇමැතිවරුන් ද සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් ද සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More