දේශීය පුවත්

දේශපාලකයින් අයථා ලෙස උපයා ගත් මහජන දේපල ආපසු රජයට බාර දීම සඳහා මාස දෙකක සමා කාලයක් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (10) කුරුණෑගලදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ප්‍රකාශ කළේය.

එසේ බාර නොදුනහොත් විමර්ශනයක් සිදු කර අයථා ලෙස උපයාගෙන ඇති සියලු මහජන දේපල රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පක්ෂ විපක්ෂ කිසිඳු දේශපාලකයෙකු සමඟ තම පක්ෂයට පෞද්ගලික කොන්තර හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර කිසිවක් නැති බව පෙන්වා දුන් දිසානායක මහතා මේ සියල්ල කරන්නේ නීතිගරුක රටක් බිහි කිරීමේ අරමුණින් බවද සඳහන් කළේය .

රට තුළ ක්‍රියාත්මක වත්මන් දේශපාලන ක්‍රමවේදය බොහෝ සෙයින් ලාබ උපයන ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයිද ඒ තුළින් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ බොහෝ දේශපාලඥයින් අයථා ලෙස මහජන දේපළ අත්පත් කරගෙන සිටින බවද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

මෙලෙස උපයාගෙන සිටින මහජන දේපළ නැවත රටේ මහජනතාව අතට පත්කළ යුතු බවද ඒ සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව පළමුවෙන්ම පියවර ගන්නා බවද ජවිපෙ නායකයා අවධාරණය කළේය.

කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති මෙම ජනහමුවට විශාල ජනකායක් සහභාගී වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More