දේශීය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදා 70වන සංවත්සයර අදට(10) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් අද කොළඹ ගාලු මුවදොර ක්‍රිඩාංගණයේදී පැවැත් වෙයි.

1949 ඔක්තෝබර් මස 10 වන දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද හමුදාව අද සිය අභිමානවත් 70 වන සංවත්සරය සමරනු ලැබීය.

ඒ වෙනුවෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන කොළඹ ගාලු මුවදොර ක්‍රිඩාංගණයේදී පැවැත්විය.

මෙහිදී අදහස් දැක්වු යුද හමුදාපතිවරයා පවසා සිටියේ, හමුදාවක ප්‍රධානතම කාර්ය වන්නේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි.

ඒ සඳහා නිරන්තරයෙන් කැප විය යුතු බව පැවසු හමුදාපතිවරයා, ඒ තුළින් බියෙන් සැකයෙන් තොර සමාජයක් බිහිවෙන බවත් සඳහන් කළේය.

නූතන යුගයට සරිලන පරිදි මෙන්ම රටේ පවතින තර්ජන විශ්ලේෂණය කර ඒවාට මුහුණ දිය හැකි ශක්තිමත් යුද්ධ හමුදාවක් ගොඩනැඟීම තුළින් යුද හමුදාවේ ගුණාත්මක භාවයට ඉහළ නැංවීමට තම විශේෂ අවධානය යොමුව ඇතැයි ද හමුදාපතිවරයා මෙහිදී පැවසීය.

ශ්‍රි ලංකා යුද හමුදාවේ වසර 70 ක සේවා කාලය තුළ ප්‍රථමවතාවට මෙම සංවත්සරයට සමගාමීව නිලධාරීන් 210 ක් සහ සෙසු නිලයන් 7000 ක් උසස් කරනු ලැබුණු බවත් පැවසු හමුදාපතිවරයා, එය එක් දිනක දී මෙතෙක් ලබා දී තිබූ උසස් වීම් දෙගුණයක් බවට පත් කළ වාර්තාවක් ලෙස ද කියා සිටියේය.

රටේ ආරක්ෂකයා වශයෙන් නිබඳව කටයුතු කිරීමට සියලු නිලධාරීන් මෙන්ම සියලු සෙබල සෙබලියන් අධිෂ්ඨාන කර ගත යුතු බව ද හමුදාපතිවරයා මෙහිදී පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More