දේශීය පුවත්

එක්දින තරග 03කට සහ විස්සයි20 තරග 03කට ක්‍රීඩා කිරීමට ජීවිත අවදානම සහිතව පාකිස්තානය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට රු. ලක්ෂ 100ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටුවට යෝජනාවක් ගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට මෙම සංචාරය සඳහා පමණක් ඇමෙරිකානු ඩොලර් 50,000ක (ආසන්න වශයෙන් රු. ලක්ෂ 90ක) මුදලක් ගෙවීමට යෝජනා කර තිබුණු අතර, ඊට අමතරව ජය ගන්නා එක් තරගයකට ඇමෙරිකානු ඩොලර් 15,000 බැගින් ගෙවීමටද යෝජනා වී තිබුණි.

මීට අමතරව මෙම සංචාරය සඳහා සහභාගී වූ සෑම ක්‍රීඩකයෙකුටම සහ නිලධාරියෙකුටම රු. ලක්ෂ 1800කට වැඩි රක්ෂණාවරණයක් ලබාදීමටද වත්මන් ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙහිදී ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ ජීවිත වටිනාකම පිළිබඳව සැලකිල්ලට ගනිමින් මරණයට පත්වීම්, සම්පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීම්, අර්ධ ආබාධිත තත්ත්වයට පත්වීම් මෙන්ම ප්‍රාණ ඇපකරුවෙකු ලෙස අල්ලාගැනීම්, පැහැරගැනීම්, ගුවන් කොල්ලකෑම් සහ යුදමය තත්ත්වයන්ද රක්ෂණාවරණයෙන් ආවරණය කර තිබේ.

එමෙන්ම යෝජිත රක්ෂණාවරණයෙන් සියයට 50ක මුදලක් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ගෙවීමටද එකඟතාව පළව ඇතැයි වාර්තා වේ.

පාකිස්තානයට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 13 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More