දේශීය පුවත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය විරෝධය පල කරයි.

තම විරෝධය දක්වමින් ඇය විසින් ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

අපගේ සංවිධායකයින්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් තමන් ‌පොහොට්ටුව සමග ‌එක්වීමකට විරුද්ධ බව ප්‍රකාශ කර ඇති විට, ඔබ ගෝටාට සහාය දීමට තීරණය කරන්නේ කෙසේද? මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලුමනින්ම පාවාදීමකි.

පක්ෂයේ සභාපති ධූරය අතහැර දැමීමට තමා කැමති බව මෛත්‍රි පවසා තිබේ නම්, සභාපති ධූරය භාර ගැනීමට සහ පක්ෂය නැවත ගොඩනැංවීම සඳහා අපි ඔබට සහාය දෙන්නෙමු.

අපේ පක්ෂය දුර්වල වූයේ අප එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමඟ සන්ධානයට සම්බන්ධ වූ නිසා නොවේ. අපේ නායකයාට සන්ධානයට නායකත්වය දීමට ශක්තියක් හා දැක්මක් නොතිබූ නිසාත්, රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ වලට රැවටීමත්, යහපත විනාශ කර පක්ෂය අවුල් කිරීමත් ඊට හේතු විය.

මෛත්‍රිට ආණ්ඩුවේ බලය පාවිච්චි කිරීමේ දක්ෂතාවයක් තිබුනේ නම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනඟා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ දී රාජපක්ෂලාගේ මිනීමැරුම් සහ මංකොල්ලකෑම්වලට එරෙහිව පියවර ගත්තේ නම්, රට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ඉතා ශක්තිමත් වනු ඇත.

එබැවින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩාත්ම ආදරය කරන හා දන්නා පුද්ගලයා ලෙස මම ඔබට ආයාචනා කරමි. ඔබේ පෞද්ගලික අවශ්‍යතාවයට පමණක් සීමා නොවී අපගේ වටිනා පක්ෂය විනාශ කිරීමට ඉඩ නොදෙන්න.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
හිටපු ජනාධිපතිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More