දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් බලයට පත් නොවිය යුතු පුද්ගලයෙක් ජනාධිපති ධුරයට පත්වීමට ඉඩ තිබෙන බව එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඒ නිසා රටට ආදරය කරන, රටේ සම්පත් විකිණීම ප්‍රතික්ෂේප කරන, ජාතිකවාදී බලවේගයකට සහය දීමට තීරණය කළ බවද මන්ත්‍රීවරයා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවකුට පාවා නොදෙන බවද සඳහන් කළේය.

වමේ ප්‍රගතිශීලී බලවේග සමග ගමන් කරන ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළේ පක්ෂයේ අනන්‍යතාව ගෞරවය රැක ගනිමින් බවත් පැවසූ දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කළ කිසිදු තැනැත්තෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද ප්‍රකාශ කළේය. ප්‍රගතිශීලී බලවේග සමග නව ආණ්ඩුවක් පිහිටුවා රට ඉදිරියට ගෙන යන බවත් කී ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමේ ක්‍රියාවලිය ජනාධිපතිවරණයෙන් පසු ආරම්භ කරන බවද ප්‍රකාශ කළේය.

තවදුරටත් කතා කළ දයාසිරි ජයසේකර මෙසේද පැවසීය.

ප්‍රගතිශීලී බලවේග සමගයි අපි එකතු වෙන්නේ. අපි එක මාර්ගයක යනවා. ඒ වුණත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව, ගෞරවය කිසිම හේතුවක් මත විනාශ වෙන්න ඉඩ තියන්නෙ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට අපි සහතික වෙනවා පක්ෂය කිසිදු ලෙසකින් දියවීමට ඉඩ නොදෙන බව. ගෝඨාභය රාජපක්ෂට සහාය දීම හැර පොහොට්ටුවට එකතුවීමේ වැඩපිළිවෙළක් නෙවෙයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ එකතුවීම රටේ අනාගතයට වැදගත්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More