දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ව්‍යාපාරය සදහා 1326 කෙටි දුරකතන අංකය නිතිවිරෝධි අයුරින් ලබා ගෙන ඇතැයි පාරිභෝගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය පවසයි.

ඔනෑම පුද්ගලයෙකුට හෝ සමාගමකට ව්‍යාපාරික කටයුත්තක් සදහා කෙටි දුරකතන අංකයක් ලබා ගැනීමට අවස්ථාව ඇත. ඒ සදහා කිසියම් මුදලක් අදාල සමාගමට ගෙවීම අනිවාර්යෙන්ම කල යුතුය. සියලුම දුරකතන සමාගම් සදහා කෙටි අංකයක් ලබා ගැනීමට නම් විදුලි සංදේශ නියාමන කොමිෂමට රැපියල් 750000.00 මුදලක් හා අදාල බදු මුදල් ගෙවා වර්ෂයක් සදහා කෙටි අංකයක් ලබා ගත හැක.

13 xx අංකයෙන් ආරම්භ කරනු ලබන අංකය ලබා දෙනු ලබන්නේ පුද්ගලික අංශයේ ආයතන සදහාය. විදුලි සංදේශණ නියාමන කොමිෂන් සභාවේ නීති රීති වලට අනුව එසේ ලබා ගත් කෙටි අංකයක් වෙනත් කටයුතු සදහා හෝ වෙනත් අය සදහා ලබා දීම නීති විරෝධී වේ.එසේ කල හොත් අදාල කෙටි අංකය අවලංගු කිරීමට කොමිෂමට බලය ඇත.

මෙවර ජනාධිපතිවරණය සදහා තරග වදින සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සදහා මේවන විට 1326 දරණ කෙටි දුරකතන අංකය ලබා දීඇත. එම අංකය අයිති සමාගම වන්නේ Rakwana minaral exploration pvt ltd සමාගමයි.2019/08/22 දින විදුලි නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යවනු ලබන ලිපියක් මගින් දැනුම් දෙනු ලබන්නේ අදාල කෙටි දුරකතන අංකයට ලැබෙන සියලුම ඇමතුම් 0115300801 දුරකතන අංකයට හරවා යවන ලෙසයි.  13 අංකයෙන් ආරම්භ වන කෙටි අංක ඇතුලත් නාමාවලියේ 1326 අංකය සදහන් කර නැත.

එක් වරක් එම දුරකතන අංකයට ඇමතුමක් ලබා දුන් විට ඔහුගේ මැතිවරණ කාර්යාලයෙන් නිතර නිතර  ග්‍රාහකයා වෙත දුරකතන ඇමතුම් හා කෙටි පණිවිඩ ලැබේ.

විදුලි සංදේශණ නියාමන කොමිෂන් සභාවේ නීති රීති අනුව මෙසේ කිරීම නීති විරෝධී වේ.

රටේ පාලකයි වීමට සිතා සිටින පුද්ගලයෙකු රාජ්‍ය ආයතනයකට බලපෑම් කර හෝ නොකර රටේ පවතින නීති රීති උල්ලංඝණය කිරීම අප සංවිධානය තරයේ හෙළා දකිමු. මෙම රජයේ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරැ තාක්ෂන අමාත්‍යවරයා වන්නේ නීතීඥයෙකු වන අජිත් පී පෙරේරා මහතාය ඔහුගේ මුහුණු පොතේ ද 1326 දුරකතන අංකයක් ලබා ගෙන සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා තිබීම දැක ගත හැකි විය. සජිත් ප්‍රේමදාස මහතා  ජනාධිපති වූ පසු කැබිනට් අමාත්‍යධූරයක් ලබා ගැනීමට සිහින දකින අජිත් පී පෙරේරා මහතා අමු අමුවේ මෙරට ආයතනයක් තුල පවතින නීතිරීති උල්ලංඝණය කිරීම ඊටත් වඩා පිළිකුල් සහගතය.

තම අනාගත පාලකයා තෝරා ගැනීම සදහා ජනතාවට අවස්ථාව ලබා දිය යුතු සේම සෑම අපේක්ෂකයෙකුහටම සාධාරණ අවස්ථා ලබා දීම පිළිබදව සොයා බැලීම අප සංවිධානයේ අරමුණ වන බැවින් සාධාරණ හා ස්වාධීන ජනාධිපතිවරණයක් පැවැත්වීම සදහා අප අවධියෙන් සිටින බවද මතක් කරමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More