දේශීය පුවත්

තමාගේ ජයග්‍රහණයෙන් පසු අභූත නඩු චෝදනා මත සිර දඬුවම් විඳිමින් සිටින සියලු රණවිරුවන් නිදොස් කොට නිදහස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ  මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ, ‘‘සාර්ථක දැක්මක් වැඩකරන රටක්‘‘  යන තේමාව යටතේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද (09) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැලිය අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආමි කාරයා, මිලිටරි කාරයා, නේවි කාරයා ලෙස ත්‍රිවිධ හමුදාව ඇමතු යුගය අවසන් කර 2005 දී රණවිරුවාට අභිමානයක් ඇති කර දීමට හැකියාව ලැබුණු බවයි.

එසේ අභිමානයක් ලබා දුන් රණවිරුවා යුධ අධිකරණයට ගෙනයාමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බවත් ගෝඨාභය මහතා පවසයි.

අනුරාධපුර ජනතාව මුහුණ පානා ප්‍රමුඛ ගැටලු කිහිපයකට අවධානය යොමු කරමින්   ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ පානිය ජල පිරිසිදු කිරීමේ ක්‍රමවේදයට නූතන තාක්ෂණය එක්කර ගැනීමට තමන් අදහස් කර සිටිනා බවයි. එමගින් අනුරපුර ජනතාව මුහුණ දෙන මූලීක ගැටලුවක් වන වකුගඩු රෝගය අවම කිරීම සිය අරමුණ බව ඒ මහතා කියා සිටියේය.

වන අලින්ගෙන් සිදුවන හානිවලට කඩිනමින් වන්දි ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරමින් රටට පිළිලයක් වී ඇති අලි – මිනිස් ගැටුමට විසඳුම් ලබා දෙන බව ද ඔහු එහිදී පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, ගොවීන්ට පොහොර සහනාධාරය නොමිලේම ලබා දෙමින් කෘෂි කර්මාන්තය තරුණයින් අතර ආකර්ෂණීය වෘත්තියක් බවට පත් කිරීමට කැප වන බවයි.

බිය සැක නැති රටක්, අතමිට සරු හෙටක් අපි ජනතාවට සහතික කරන බවට ද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ප්‍රතිඥා දුන්නේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More