දේශීය පුවත්

හබරණ දිගම්පතහ තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු මිය යාමට හේතුව විෂ රසායන ශරීර ගත වීම බව නිගමනය කර තිබේ.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, තමන් විසින් පත් කළ කමිටුවේ වාර්තාව මේ වන විට ලැබී ඇති බව ය.

විෂ ශරීර ගත වීමෙන් මෙම මරණ සිදුව ඇති බව එම කමිටුව සිය පරීක්ෂණවලින් තහවුරු කර තිබේ.

එහෙත් ශරීර ගත වී ඇති එම විෂ රසායනික ද්‍රව්‍ය කුමක් ද යන්න තහවුරු කර ගැනීමට මේ වන විටත් රජයේ රස පරීක්ෂකවරයා මගින් විමර්ශන ක්‍රියාත්මක බව ද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා සත්ත්ව කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට සහ පශු පර්යේෂණ ආයතනයට ද යොමු කළ බව ය.

මේ අතර මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සිදු කෙරෙන පරීක්ෂණයේ වාර්තාව කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව ය.

එම විමර්ශන සඳහා නිලධාරීන් 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රියාත්මක බව ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.



One thought on “හබරණ අලි මරණවල සුලමුල හෙළි වෙයි”

  1. oka thawama hoyaganna bariunaada…? mamanam kiyanne oya ugra wisa wargayak sareera gatha karala thiyenne, athun nirwindanaya karana piliwelatai….Okata aniwaarayayenma eawani gun ekak upayogi karaganna athi…eawa thiyenne wanajeewi ekenam eathulinma ewani gun ekak me aparada karuwan athata pathwela ea magin athinnan maranna athi….habai, hondata ath dala galaweema ganath palapurudda athi ayekma thamai meya karanna aththe…mokada onatharam athdala thiyena athun maruwa kaalayak thibuna, ath dalahemath anatharas daanawela thibuna…Ea ghaathakayan thawama eliyata awillath naha…wana jeewi eke aya megana danagathayuthui…Me mage adahasai..

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More