ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) පෙරවරුවේ පැමිණ තිබේ.
දුමින්ද දිසානායක මහතා මහත් හරසරින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා හා දුමින්ද දිසානායක මහතා සුහද පිළිසදරක නිරතව ඇත.
එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති අතර, දුමින්ද දිසානායක මහතා කියා පවසා ඇත්තේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්ද සියල්ල ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්‍රහණය කරවන බවය.
මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...