දේශීය පුවත්

රටේ ජාතික ආරක්ෂාව නැති කිරිමට රනිල් විතරක් නෙමෙයි සජිතුත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

“ජනතා ජයග‍්‍රහන උදෙසා වමේ ශක්තිය’’ යන තේමාව යටතේ ශි‍්‍ර ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුවකට ඊයේ (8) මාතරදි එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදි අදහස් පළකල පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨභය රාජපක්ෂ මහතා ,

“ඉදිරියේදි ජනාධිපතිවරණයේදි කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය මා වෙත ප‍්‍රකාශ කිරිම මහත් ස්තුතියි ප‍්‍රකාශ කරන්න කැමතියි . කොමියුනිස්ටි පක්ෂය මට සහයෝගය පළකරන එක පුදුමයක් නෙමෙයි . මොකද අප පක්ෂයක් විදියට ඉදිරිපත් කරන වැඩපිළිවෙල ජනතා කේන්දීය සංවර්ධන සැලැස්මක් කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රතිපත්තිත් එයට සමානයි .

අද අපේ රටේ දිළිදුකමින් ජිවත් වෙන කොටසක් ඉන්නවා. මෙන්න මේ අය ඒකෙන් මුදවා ගැනිමේ සංවර්ධන මොඩල් එකක් තමයි අපට අවශ්‍ය වෙන්නේ . අප සකස් කරලා තියෙන ඒ ආර්ථික සංවර්ධන සැලැස්ම සැම කුලයකටම සිටින අයට ප‍්‍රමුඛත්වය දිලා සකස් කරපු සැලැස්මක් . අපි අහලා තියෙනවා මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ අපි මෙච්චර රස්සා නිෂ්පාදනය කරා කියලා . අපි අහලා තියෙනවා මෙන්න මේවා දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නෙ කොහොමද කියලා. මේ රටේ විරැකියාව නැති කරන්නට නම් අපි රජයක් හැටියට රැකියා උත්පාදනය කරන්න තියෙන සැලැස්ම මොකක්ද? අපි ගොවියන්ට දෙන සහන , දුප්පත් මිනිස්සුන්ට දෙන සහන , අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජන මේවා කොහොමද නිර්මාණය කරන්නෙ කියන එකයි වැදගත් වෙන්නේ . ඒ වගේම මේවා කි‍්‍රයාත්මක කරන්න නායකත්වයක් , කණ්ඩායමක් තමයි අවශ්‍ය වෙන්නේ’’ යැයි පැවසිය .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More