දේශීය පුවත්

රී ලංකා නිදහස් පක්ෂය එලඹෙන ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මේ බව ප්‍රකාශයට පත් කළේය.

එජාපයට උදව් කිරීම, ගෝඨාභයට සහය දැක්වීම හෝ නිහඬව සිටිම යන තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැනීමට තිබු බවත් කෙසේ නමුත් පාක්ෂිකයින්ගේ අනන්‍යතාවය විකුණා දමා කටයුතු කළ නොහැකි බැවින් ජනතාවගේ පාර්ශවයෙන් සිතා ජනතා හිතවාදී තීන්දුවක් ගැනීමට කටයුතු කර යුතුව තිබු බවත් එහිදී අදහස් දැක්වු නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

කෙසේ වෙතත් අවසනයේ දී ගෝඨාභය මහතාට සහය දැක්වීමට පක්ෂය එකඟතාවය පල කළ බව ඒ මහතා පැවසීය

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුව

Gepostet von Sri Lanka Freedom Party am Dienstag, 8. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More