ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල මහා රැලිය පැවැත්වෙන අද (9 වැනිදා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිතයකු ලෙස ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී මෙම රැලිය පැවැත්වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙම රැලියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වීමේ ගිවිසුම අත්සන් කිරීමට තවත් දින කිහිපයක් කල්ගතවනු ඇත. සන්ධාන ගිවිසුම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ (8 වැනිදා) ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතව තිබුණි. සන්ධාන ගිවිසුමේ පවතින ගැටලු පිළිබඳ මෙහිදී එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...