දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබා දීම සඳහා ගිවිසුම් දෙකකට අත්සන් කිරීම ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදුවන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

ඉන් එක් ගිවිසුමක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ද අනෙක් ගිවිසුම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ද අත්සන් කිරීමට නියමිත බව මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

මේ වනවිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමට සිය කැමැත්ත ලබාදී ඇති අතර එහි අවසන් තීන්දුව ගැනීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට භාරදී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ තීන්දුව මත ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව හෝ ඊට පෙර ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් අනුරාධපුරයේ පවත්වනු ලබන මංගල රැුලියේදී අත්සන් කිරීමට බොහොදුරට ඉඩ ඇති බවයි.

මේ වනවිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ගොඩන`ගන සන්ධානය පිළිබඳව පොදුජන පෙරමුණට ඉදිරිපත් කරන ලද යෝජනා විස්සකට එක`ගතාව පළ කර ඇති අතර ගෝඨාභය රාජපක්‍ෂ මහතාටද ඉදිරිපත් කරන ලද යෝජනා දාහතකට ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක`ගතාව පළ කර ඇති බවත් ගොඩන`ගන සන්ධානයේ ව්‍යවස්ථාවටද පොදුජන පෙරමුණේ එක`ගතාව පළ කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More